ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඊයේ (05) රාත්‍රී තීරණය කර ඇතැයි වාර්තාවේ.
වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමැති ලෙස සිටි 2015 සිට 2019 දක්වා කාලයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට කොන්ත්‍රාත් පදනම මත හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පමණක් සේවකයන් 2100ක් බඳවා ගෙන ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය.
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීම පිළිබඳ පනත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලි බල හා බල ශත්කි අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාස්කු ප්‍රහාර මාලාවට අදාළව අන්තර්ජාලය ඔස්සේ නිකුත් කළ ප්‍රකාශ නිසා තමන්ගේ වෘත්තීය ජීවිතයට හා සිය කීර්තිනාමයට දැඩි හානියක් සිදුවූයේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි තුවාන් සුරේෂ් සලෙයි මහතා ඊයේ (4 දා) කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ සාක්‍ෂි දෙමින් පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය විසින් පිහිටුවීමට යන දේශපාලන සන්ධානයට නිදහස ජාතික සභාවේ ඩලස් අලහප්පෙරුම මහතා එක් නොවන බව සජබ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින’ට පැවසීය.
ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස රියර් අද්මිරාල් ධම්මික කුමාර ඉකුත් 01වැනිදා වැඩ භාර ගන්නා ලදි.
වැසි තත්ත්වය සමඟ යළි පාසල් හා වැසිකිළි පද්ධති, බස් නැවතුම්පළවල් ඇතුළු පොදු ස්ථාන, වැඩබිම්, ආගමික ස්ථානවල ඩෙංගු හිස එසවීමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
හිටපු සභාපති ජස්වර් උමර්
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයට අදාළ අභියාචනා විමර්ශනයේ අවසන් තීන්දුව නිලවරණ කමිටුව විසින් අද (04 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.