අද (19) දිනයේ උතුරු පළාතේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වෛරසය වැලඳීමෙන් මියයන ඌරන්ගේ මස් අනුභව කිරීමෙන් වළකින ලෙස රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.එසේම ඌරු මස් පරිභෝජනය කිරීම සඳහා ජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බව ද සදහන් කරයි.
සුනාමි ව්‍යසනය හේතුවෙන් නිවාස අහිමිව අවතැන්වූ පවුල් 500ක් වෙනුවෙන් අම්පාර නොරොච්චෝල ප්‍රදේශයේ ඉදිකරන ලද නිවාස 500ක් වසර 14කට පසුව ප්‍රතිලාභීන් වෙත පවරාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.
පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තා අවශ්‍ය වෙලාවට හෙළිදරව් කිරීමට සූදානම් යැයි ජනමාධ්‍ය ඇමැති විජිත හේරත් මහතා ‘දිනමිණට’ ඊයේ (17) පැවසීය.
සී ෂෙල්ස්හි නව නීතිපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන වින්සන්ට් පෙරේරා ඊයේ දිවුරුම් දුන් බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඔහු රාජ්‍ය මන්දිරයේ දී නීතිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.ශ්‍රී ලංකාවේ උපත ලැබු වින්ස්න්ට් පෙරේරා කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපති උපාධියක් ලබාගෙන ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.
ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
බැඳුම්කර වංචාවට අදාළව චෝදනා තිබෙන මහ බැංකු නිලධාරීන් කිහිපදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.