නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තමන් අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන මහානායක දර්ශනපති අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදී පවසා තිබේ.
ශ්‍රී ලංකාව සිය නිල ණයහිමියන්ගේ කමිටුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
පාස්කු ප්‍රහාරය
බැඳුම්කර මගඩිය
ලසන්ත වික්‍රමතුංග, තාජුඩීන් ඝාතන: එක්නැලිගොඩ අතුරුදන් කිරීම
දෙමළ තරුණයන් 11ක් අතුරුදන් කිරීම
මිග් ගනුදෙනුව
දරුණු පසුබෑමකට ලක්වූ ආර්ථිකය ස්ථාවර මට්ටමකට රැගෙන යමින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට ඉන්දියාව සහතික වෙයි. එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයශංකර් මහතා ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කළේය.
රටපුරා වීදි දරුවන් පහළොස් දහසක් තිස්දහසත් අතර ප්‍රමාණයක් සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
බහුතරයක් බෞද්ධයන් වෙසෙන ඉන්දියාවේ එකම ප්‍රාන්තය වන ලඩාක් (Ladakh) ප්‍රාන්තයේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ප්‍රතිමාවක් ස්ථාපනය කෙරේ.
අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීම මෙරට තීරණාත්මක හැරවුම් ලක්ෂයක් යැයි කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (ඩීආර්සී) ජනාධිපති ෆීලික්ස් ෂිසෙකේඩි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් එවමින් කියා සිටී.