Editor

Editor

බ්‍රහස්පතින්දා, 21 දෙසැම්බර් 2023 12:51

පඩි වැඩි කරනු.. නැතොත් වරාය වර්ජනයක්…

ඉදිරි වසර තුනට අදාළ වැටුප් වැඩි කිරීම සඳහා වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් නොකළහොත් මෙම මස 28 වන දා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංයමය සඳහන් කරයි.

බ්‍රහස්පතින්දා, 21 දෙසැම්බර් 2023 12:49

යුක්‍රේන හමුදාවට අමතර භටයන් පන් ලක්ෂයක්

රුසියානු හමුදා සමග වසර දෙකකට ආසන්න කාලයක් යුද වැදී සිටින යුක්‍රේන හමුදාව සඳහා අමතර හමුදා භටයන් පන් ලක්ෂයක් දක්වා වූ සංඛ්‍යාවක් අවශ්‍යව ඇතැයි යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි පවසයි.

බ්‍රහස්පතින්දා, 21 දෙසැම්බර් 2023 12:46

ට්‍රම්ප්ට ජනාධිපතිවරණයේදී තරග තහනමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී කැරැල්ලකට සම්බන්ධ වීමේ වරදට හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබන වසරේ පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේදී කොලරාඩෝ ප්‍රාන්තය සඳහා තරග කළ නොහැකි බව ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

බ්‍රහස්පතින්දා, 21 දෙසැම්බර් 2023 12:42

යුක්තිය මෙහෙයුමෙන් තවත් පිරිසක් අත්අඩංගුවට

පොලිසිය විසින් දිවයින පුරා ආරම්භ කර ඇති මත් ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ සම්බන්ධව සිදු කරන යුක්තිය විශේෂ මෙහෙයුමේ දී පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 2,008 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ දේපළ, ව්‍යාපාර සහ සම්පත් අධිකරණයේ මැදිහත් වීමකින් තොරව පරාටේ නීතිය හරහා ක්ෂණික වෙන්දේසියකට ලක් කිරීම වහා නැවැත්වීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

බදාදා, 20 දෙසැම්බර් 2023 20:46

යාල අභය භූමිය හදිසියේ වසා දමයි

යාල අභයභූමිය හෙට සිට සතියක කාලයක් සදහා වසා දමන බව ජීප්රථ සංගමයට දන්වා ඇති බව වාර්තා  වෙයි.

චීනයේ ගන්සු පළාතේ ඇතිවූ භූ කම්පනයෙන් මියගිය ගණන 118 ඉක්මවා ඇතැයි චීන ප්‍රාන්ත බලධාරීන් සඳහන් කරයි. තුවාල ලැබූ පිරිස ද ඊයේ (19දා) වනවිට 397කට වඩා වැඩි බව සඳහන් කරයි.

ඉන්දීය පාර්ලිමේන්තුවට (ලෝක් සභා) පසුගිය සතියේ බාහිර පුද්ගලයන් දෙදෙනකු කඩාවැදීමේ සිද්ධියෙන් පාර්ලිමේන්තුවේ ආරක්‍ෂාව බිඳවැටී ඇති බව පවසමින් විරෝධතාවයේ යෙදුණු ඉන්දීය විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 141 දෙනකුට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම අත්හිටුවීමට එරට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව විසින් පියවර ගෙන ඇත.

තේ දළු මිල දිගින් දිගටම පහත වැටීමත් පොහොර මිල ඉහළ අගයක පැවතිමත් හේතුවෙන් කුඩා තේවතු කර්මාන්තය දැඩි අර්බුදයට ලක්ව ඇති බව සමස්ත ලංකා කුඩා තේ වතු හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

පුනර්ජනනීය බලශක්තියෙන් (සුළං/ සූර්ය) විදුලිය නිෂ්පාදනය ඉහළ දැමීමට කතාබහ කළත් ලබන ජනවාරි සිට අය කෙරෙන සියයට දහ අටක වැට් බදු නිසා සූර්ය පැනලයක මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ වැඩිවන බව ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ ලේකම් ලක්මල් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ ට පැවසීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website