ජාත්‍යන්තර පුවත්

තමන්ට සිදු වූ විශාල අසාධාරණයකට මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුදල ලබා ගත් ශ්‍රී ලාංකික කාන්තාව කුවේට් රාජ්‍යයේ සිට ඊයෙ තුන දිවයිනට පැමිණ තිබුණා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 20යි 20 ක්‍රිකට් තරගයකදී පළමුවරට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කිරීමට ඊයේ (02) සමත්විය.

ඉරිදා, 03 සැප්තැම්බර් 2023 12:34

G -20ට ෂි ජින්පින් – පුටින් නෑ

ඉන්දියාවේ පැවැත්වෙන ජී. 20 සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහභාගි නොවන බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සමුළුව ලබන 9 සහ 10 යන දෙදින නවදිල්ලි නුවරදී පැවැත්වේ.

සෙනසුරාදා, 02 සැප්තැම්බර් 2023 16:43

‘ආදිත්‍යා L-1’ සූර්ය මෙහෙයුම අරඹයි

ඉන්දියාව සිය පළමු සූර්ය මෙහෙයුම අද (02) දියත් කළේය.ඒ අනුව එම මෙහෙයුම සඳහා නිෂ්පාදනය කළ ‘ආදිත්‍යා L-1 ‘යානය ඉන්දීය වේලාවෙන් අද (02) උදෑසන 11:50ට ශ්‍රීහරිකොටා මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගතවිය.

බ්‍රහස්පතින්දා, 31 අගෝස්තු 2023 07:50

ගැබොන් රාජ්‍යයේ බලයත් හමුදාව අතට?

ගැබොන් රාජ්‍යයේ බලය සියතට ගත් බව එරට හමුදාව විසින් ප්‍රකාශ කර තිබේ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පකිස්ථානය සහ නේපාලය අතර පකිස්ථානයේ මුල්තාන් හිදී ඊයේ රාත්‍රියේ පැවති පන්දු වාර 50 ක්‍රිකට් තරගයේ දී ලකුණු 238ක ජයක් හිමි කර ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය.

වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජමාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ 06 ක් නැවත මෙරටට ගෙන ඒම සම්බන්ධව ගිවිසුම් 02 ක් 28 දා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි.

ඉන්දීය ‘චන්ද්‍රයාන්-3’ අභ්‍යවකාශ යානය හරහා සඳට, ගොඩබැස්වූ ‘වික්‍රම්’ ගොඩබැස්වුම් යානය විසින් මුදා හැර ඇති ‘ප්‍රාග්‍යාන්’ රෝවර් යානය සඳ මත ඇවිදිමින් දත්ත රැස් කිරීම අරඹා ඇති බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

2020 වසරේ පැවැති ඇමරිකානු ජනාධිපතිවරණයේදී ජෝජියා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත් වීමට නියමිතව සිටි හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (25 දා) ජෝජියා ප්‍රාන්තයේ ෆවුල්ටන් බන්ධනාගාර නිලධාරීන්ට යටත් වී තිබේ.

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website