සතුන් මාර්ගයෙන් මිනිසාට වැළඳෙන මෙතෙක් එන්නතක් සොයා ගෙන නොමැති ‘නිපා වෛරස්’ ආසාදනයට ගොදුරු වූ දෙදෙනකු මිය යෑම හේතුවෙන් දකුණු ඉන්දියානු ප්‍රාන්තයක් වන කේරළ ප්‍රාන්ත බලධාරීහු ප්‍රාන්තයේ ජනතාවට සෞඛ්‍ය අවදානම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ලෝකයම විමතියට පත් කරමින් මෙක්සිකෝ අගනුවර ඊයේ (13 දා) වසර දහසක් පැරණි පිටසක්වල ජීවී සිරුරු දෙකක් ප්‍රදර්ශනය කරනු ලැබීය.
ව්ලැදිමීර් පූටින්ට සහ කිම් ජොං අන් අතර සමානකම් රැසක් තිබේ. දෙදෙනා ම වැඩිපුර එළිපහළියට නොයයි. රුසියානු නායකයා මේ වසරේ දී එරටින් පිටතට ගොස් නැත. කිම් සම්බන්ධයෙන් ගත්කල එය වසර හතරකි.
චැනල් 4 නාළිකාවේ වීඩියෝව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මොරොක්කෝවේ ඉකුත් 08 වැනිදා රාත්‍රියේ දී ඇතිවූ රිච්ටර් මාපක 6.8ක ප්‍රභල භූ කම්පනයෙන් මිය ගිය ගණන දෙදහස ඉක්මවා ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසයි.
මාලි රාජ්‍යයේ ගංඟාවක යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක ගමන් කරමින් සිටි පිරිසකට එල්ලවු ඉස්ලාමීය සටන්කාමී ත්‍රස්ත ප්‍රහාරයකින් සිවිල් වැසියන් 49 දෙනෙකු මියගොස් තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන G-20 සමුළුව සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් සහභාගි නොවන බව ප්‍රකාශ කිරීමෙන් තමාගේ බලාපොරොත්තු සුන් වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.