ජාත්‍යන්තර පුවත්

උතුරු කොරියාවෙන් පලා ආ වැසියන් විශාල පිරිසක් චීනය විසින් බලහත්කාරයෙන් නැවත උතුරු කොරියාවට පිටිවහල් කර ඇතැයි දකුණු කොරියාව පවසයි. මෙම ප්‍රකාශයත් සමගම මානව හිමිකම් සංවිධාන විසින් චීනයට පලා ආ උතුරු කොරියානුවන් 600 ක් පමණ දෙනා නැවත සිය රටට පිටුවහල් කිරීමට චීනය පියවර ගත් බවට කර ඇති ප්‍රකාශයන් තහවුරු කරන බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙසේ චීනයේ සිට උතුරු කොරියාවට ට්‍රක් රථවල පටවා යවන ලද උතුරු කොරියානුවන්ගෙන් බහුතරය කාන්තාවන් වන අතර ඔවුන්ට උතුරු කොරියාවේදී සිරගතවීම්, අතවරයන් මෙන්ම පහරදීම්වලට ලක් වීමට සිදු වනු ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසා තිබේ.

DN

පලස්තීනයට අයත් ගාසා තීරයේ සිටින හමාස් අන්තවාදීන්ට එරෙහිව ඊශ්‍රායලය විසින් දියත් කර ඇති හමුදා ප්‍රහාරයන් හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස පැය 24 ක් ඇතුළතදී ගාසා තීරයේ දකුණුදිග කලාපයට සංක්‍රමණය වන ලෙස උතුරුදිග ගාසා තීරයේ වෙසෙන මිලියන 1.1 ක ජනතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දැනුම් දී තිබේ.

අතීතයේ සිට සුවිශේෂ කේන්ද්‍රස්ථානයක් වූ ඉන්දියන් සාගර කලාපයේ රටවලට නැඟී එන ලෝක ආර්ථිකය තුළ පුළුල් භූමිකාවක් පැවරී ඇති බවත්, ගෝලීය භූ දේශපාලනය තුළ ගනු ලබන ස්ථාවරත්වය සමඟ එහි ඉදිරි ගමන් මඟ තීරණය වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

බ්‍රහස්පතින්දා, 12 ඔක්තෝබර් 2023 09:35

ඊශ්‍රායලයෙන් ලෙබනනයටත් ප්‍රහාර

ඊශ්‍රායල හමුදා විසින් පලස්තීනයට අයත් ගාසා තීරයේ තෝරා ගත් ඉලක්කවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටියදී ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන, තවත් ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් වන හිස්බුල්ලා සංවිධානය, හමාස් අන්තවාදීන්ට සහය පළ කරමින් උතුරුදිග ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඊයේ (11දා) සවස වාර්තා විය.

මරණ තර්ජන හේතුවෙන් සුපිරි නළු ශාරුක් ඛාන්ට සන්නද්ධ ආරක්‍ෂකයන් හය දෙනකුගේ ආරක්‍ෂාව ලබාදීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය කටයුතු කර ඇත.

ඊශ්‍රායල හමුදා හා පලස්තීනයේ හමාස් අන්තවාදීන් අතර හටගෙන ඇති යුද්ධය හේතුවෙන් ඊයේ (09දා) දහවල් වන විට ඊශ්‍රායල හා පලස්තීන වැසියන් 1100 කට අධික පිරිසක් මිය ගොස් තවත් 2000 කට අධික පිරිසක් තුවාල ලබා තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.

● 500ක් මරුට – 2000 කට තුවාල

● 50ක් පැහැරගෙන ගාසා තීරයට ගෙන ගිහින්
● එක් දිනකදී රොකට් ප්‍රහාර පන්දහසක්

ඉරිදා, 08 ඔක්තෝබර් 2023 09:14

භූ කම්පනයකින් සිය ගණනක් මරුට

බටහිර ඇෆ්ගනිස්ථානයේ ඉරාන දේශසීමාව ආසන්නයේ ප්‍රබල භූමි කම්පාවක් ඇති වී තිබේ.

ඉරානයේ සිදු කළ වැටලීම්වලදී සොයාගත් වෙඩි උණ්ඩ මිලියන 1.1 ක ප්‍රමාණයක් ඉකුත් සඳුදා (02) යුක්‍රේනයට යැවූ බව ඇමරිකා එක්සත් ජනපදය විසින් නිවේදනය කර තිබේ.

Business News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website