දේශපාලන සහ සමාජීය පුවත්

රජය විසින් පනවා ඇති නව බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමට කටයුතු නොකරන්නේ නම් දැඩි පියවර ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

තැපැල් ඡන්දය දින නියමයකින් තොරව කල්දැමීමත්, පළාත් පාලන මැතිවරණයද කල් දැමීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සහ ගනිමින් සිටින තත්ත්වයක ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සහ කථානායකවරයාගේ විශේෂ අවධානය යොමුකරන ලෙස ඉල්ලා නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරන 35කට ආසන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව ලිපියක් අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකර ඇත.

තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නතර කරන විට මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකාවලින් සියයට 50 ක් මුද්‍රණය කර තිබූ බව රජයේ මුද්‍රණාලයේ සමගි සේවක සංගමය පවසයි.

විදුලි ගාස්තු 66% කින් වැඩි කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ බහුතර සාමාජිකයන් විසින් අනුමැතිය ලබාදී තිබේ.

බදාදා, 15 පෙබරවාරි 2023 10:11

පළාත් පාලන ඡන්දය කල් යන ලකුණු!

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් බරපතල අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

විදුලි බිල යළිත් වැඩි කළ හොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති පවසයි.

යුරෝපයේ රටවල්හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන ලිතුවේනියාවේ ප්‍රමුඛ සමාගමක් ට්‍රක් රථ රියදුරන් හය සියක් බඳවා ගැනීමට සූදානම් වෙයි .ඒ සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබාදෙන බව ලිතුවේනියාවේ Manvesta ප්‍රවාහන සේවයේ ජේෂ්ඨ අධ්‍යක්ෂ ධනා ජැනරිකෙඒට් මහත්මිය පවසයි.

මැතිවරණය පවත්වන්නේ නැත්නම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට ගෙන්වා එම ප්‍රශ්නය පාරේ විසඳා ගන්න සූදානම් බව ජාතික ජනබලවේගය සඳහන් කරයි.

එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මිය ගිය බව තමන් පිළි නොගන්නා බව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්කේ සිවාජිලිංගම් මහතා සඳහන් කරයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් අද අලූයම හටගත් බව පොලීසිය සඳහන් කරයි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website