දේශපාලන සහ සමාජීය පුවත්

එළඹෙන 22 23 හා 24 දිනවල පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල්දමා තිබේ.

අඟහරුවාදා, 14 පෙබරවාරි 2023 20:33

ජනාධිපති නින්දිත වෑයමක..- හෙලිකොප්ටරය

නිදහස් ජනතා සන්ධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණයත් සමග පැවැත්වීමට නියමිත මහමැතිවරණයත් ඉන්පසු පැවැත්වෙන ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කොට මේ රටේ තිබෙන මන්දිර දේශපාලනයට නැවතීමේ ලකුණ තබා අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරය ඇතුළු රට පුරා තිබෙන සියලු‍ ජනාධිපති මන්දිර ජාත්‍යන්තර තලයේ ඉංග්‍රීසි භාෂා සහ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රීය විශ්වවිද්‍යාල බවට පත් කරන බව විපක්ෂ නායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා (12) සවස පැවසීය.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමි වී තිබේ.

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ අපේක්ෂකගේ නිවසේ තිබේ ගංජා පැළ කිහිපයක් සොයාගෙන තිබේ.

රටේ දැනට පවතින ආර්ථික අර්බුධයත් සමග පළාත් පාලන මැතිවරණයක් අවශ්‍ය නොමැති බවත්, පිඩාවට පත් වි සිටින ගොවියා ශක්තිමත් කිරිමට සියළු පාර්ශවයන් එකතු වි කටයුතු කල යුතු බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

ඉන්ධන ඉල්ලුම සහ සැපයුම කළමනාකරණය කරමින් ඉන්ධන හිඟයක් වළක්වා ගැනීම සඳහා තමා විසින් ඉදිරිපත් කළ විසඳුම් සහ යෝජනා වලට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විරුද්ධ වූ බවත් එහෙත් අවසානයේ තමා විසින් යෝජනා කළ විසඳුම් ක්‍රියාත්මක කිරීමට රජයට සිදු වූ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව මේ වනවිට 21 ක් වතාවක් කල් දැමීම සඳහා සැලසුම් සකස් කළ නමුත් ඒ සියල්ල ව්‍යර්ථ වී ගිය පසුබිමක නව කුමන්ත්‍රණයක් මගින් මැතිවරණයට මුදල් නොදී සිටීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කරයි.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් ඉදිරියේදී නීතියේ විධාන ආධිපත්‍යය ඉටු කර සියලු දෙනාටම නීතිය සමානාත්මතාව ඇති කරන රටක් නිර්මාණය කරන බවත්, මත් උවදුර රටින් තුරන් කිරීමට කටයුතු කර ඒවා මෙරටට ගෙන්වන සියලු දෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත්, බලයට හා ධනය මත නීතිය යටපත් වූ යුගය අවසන් කරන බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් 11දා කෑගල්ල ජාතික ජන බලවේගයේ රැලිය අමතමින් පැවසීය.

දිවයින පුරා තවදුරටත් ජලභීතිකා එන්නත් හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website