දේශපාලන සහ සමාජීය පුවත්

පලාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහි ව එළැඹෙන විසි වෙනිද කොළඹදි විරෝධතාවයක් පැවැත්වීමට සමගි ජන බලවේගය සංවිධානය කර තිබේ.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යළිත් එම ධුරයට පත් කිරීම සඳහා වන මෙහෙයුමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කර ඇතැයි සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

ප්‍රතිකාර සඳහා පෞද්ගලික අංශය වෙත යොමුව ඇති ජනතාවගෙන් 30% ක පමණ පිරිසක් ඉදිරියේ දී එම ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් කරා යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් ඇතිවිය හැකි බැවින් ඒ සඳහා වන ඉලක්කගත වැඩපිළිවෙළක් කෙරෙහි මේ වන විටත් අවධානය යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මාර්තු මස 19 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම නිසා රට පුරා සියලූ පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පත් වීමට නියමිතව තිබේ.

නව විදුලි ගාස්තු ඉහළ නැංවීම මෙම පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මකය.

2023 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා මහා භාණ්ඩාගාරය විසින් මැතිවරණ කොමිසන් සභාව වෙත මූල්‍ය ප්‍රතිපාදන ලබා දිය නොහැකි බව දැනුම් දිම නිසා පළාත් පාලන මැතිවරණය 2024 දක්වා කල් දැමිමට මැතිවරණ කොමිසමට සිදුවනු ඇති බව එක්සත් ජාතික පක්ශ පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අභයවර්ධන පැවසිය.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා සියල්ල අවලංගු වනු ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග වාර්තා කරයි.

2019 හා 2020 වර්ෂයන් හි අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා 2023 පෙබරවාරි මස 28 දක්වා බාර ගැනීමට කටයුතු කර ඇත.

සෙනසුරාදා, 18 පෙබරවාරි 2023 07:46

සදුදා කොළඹ වටලනවා….

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්ද ප්‍රකාශ කිරිමේ දිනය කල් තැබිමට විරෝධය පාමින් සමගි ජන බලවේගය සදුදා කොළඹ වටලන බව කුරුණැගල දිස්ත්‍රික් පා.ම (සජබ) නලින් බණ්ඩාර මහතා පැවසිය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website