කූමින් සීනිවලට ඇලෙනවා වගේ දේශපාලනාඥයන් බලයේ එල්ලී තමන් ලොක්කායි සිතා ගෙන කටයුතු කරන බව පෙනෙන්නට ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කොටහේන ශාන්ත ලුසියා දෙව්මැදුරේදි පැවැති පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගී වෙමින් පැවැසීය.
මාතර දෙවුන්දර බොක්ක ආශ්‍රිතව රේඩාර් කඳවුරක් පිහිටුවීම සඳහා චීනය විසින් යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දැනට වසර හතක් තිස්සේ විසුරුවා හැර ඇති පළාත් සභාවල වාහන දෙසිය හැත්තෑවක් පමණ මේ වන විට අතුරුදන් වී ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව ප්‍රදේශයේ රේඩාර් පද්ධතියක් පිහිටුවීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට චීනය සූදානම් වන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ බීමත්ව රිය පදවන්නන් නීතියේ රැහැනට කොටුකරගැනීමට රට පුරා පොලිස් ස්ථානවලට බීමත් රියදුරන් පරීක්‍ෂා කිරීමේ පරීක්‍ෂණ කට්ටල 170,000 කට ආසන්න සංඛ්‍යාවක් බෙදීම ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපලින් පිටත් විමට වීමට නියමිතව තිබු ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද වී ගමන් කරන බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.
ආර්ථික අර්බුදය හේතුවෙන් ඉකුත් වසරේ දී (2022) ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 7.8 කින් පසුබෑමකට ලක් වූ බවත් යෙදවුම්වල හිඟයන් හා සැපයුම් ජාලයට සිදු වූ බාධාවන් හේතුවෙන් මෙරට ප්‍රධාන සේවා අංශ වන නිෂ්පාදන හා ඉදිකිරීම් ක්ෂේත්‍රවල ඇති වූ දැඩි පසුබෑම හමුවේ දේශීය කර්මාන්ත හා සේවා අංශවල ලක්ෂ පහකට සිය රැකියාවන් අහිමි වී ඇති බවත්
ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාමාර්ගයකින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇත්දැයි දන්වා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව මේ වන විට ඒ පිළිබඳව සොයා බලමින් සිටීම ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල විය හැකි තර්ජනයක් බවත් ඒ පිළිබඳව සිය කනස්සල්ල කරන බවත් ආසියා ෆැසිපික් කලාපයේ නීති වෘත්තිකයින්ගේ ප්‍රධානම එකමුතුව වූ LawAsia සඳහන් කරයි.
පසුගිය (03) වන දා දින ලිප්ටන් වටරවුමේ පැවති විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණයක් විසුරුවා හැරීම සම්බන්ධයෙන්, එය මර්ධනය කළ ආකාරය පිළිබඳව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල පළවූ වාර්තා පදනම් කරගෙන මානව හිමිකම් කොමිසම ස්වයං මැදිහත්වීමෙන් පරීක්ෂණක් ආරම්භ කර තිබේ.