දේශපාලන සහ සමාජීය පුවත්

ඔරුවක ගමන් කරමින් සිටියදී එය පෙරළී යාමෙන් පාසල් සිසුන් තිදෙනෙක් සහ ගුරුවරයෙක් මරණයට පත්වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

රජයේ වාහන භාවිතා කිරීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරය විසින් සියලු ආයතන ප්‍රධානීන්ට දැනුම්දීමක් සිදුකර තිබේ.

පළාත් පාලන මැතිවරණයට බාධා කිරීම් සම්බන්ධ සිදුවීම් 20 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඉරිදා, 12 පෙබරවාරි 2023 08:22

තවත් 3000ක් දුම්රිය සේවයට…

දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලවල වැටුප් සහ උසස්වීම් සම්බන්ධව මේ වන විට මතුව තිබෙන විවිධ ගැටලු සහ දුම්රිය රියදුරු ඇතුළු අනෙකුත් ශ්‍රේණිවල වැටුප් හා උසස්වීම් සම්බන්ධව මතුව තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

උතුරේ නැවත පදිංචි කෙරෙන පවුල් 197ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය සහ රුපියල් 38,000 බැගින් වූ චෙක්පත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී (11) සිදු කෙරිණි.

සංහිඳියාවෙන් පමණක් ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවත් ආර්ථික සංවර්ධන වේගය රඳා පවතින්නේ ජනතාවගේ ආකල්ප සහ කැපවීමේ ප්‍රමාණය මත බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

පෙබරවාරි මාසය සඳහා ගල් අඟුරු වලට අවශ්‍ය මුදල ලෙස රුපියල් බිලියන විසි දෙකක් අවශ්‍ය බව ලංකා ගල් අඟුරු සමාගම සඳහන් කරයි.

සෙනසුරාදා, 11 පෙබරවාරි 2023 19:47

හර්ෂද සිල්වා ඉවතට..

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා යළි පත් කිරීමක් සිදුකර නැත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා තුනක් එන්ජින් කැඩී දැන් තිබෙන්නේ බිම බව වරාය නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මුහුණ දී තිබෙන ගැටලු ගැන සාකච්ඡා කිරීමට දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිෂන් සභාවට අනිද්දා දිනයේ කැඳවූ බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website