දේශපාලන සහ සමාජීය පුවත්

විදුලි බිල යළිත් වැඩි කළ හොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති පවසයි.

යුරෝපයේ රටවල්හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන ලිතුවේනියාවේ ප්‍රමුඛ සමාගමක් ට්‍රක් රථ රියදුරන් හය සියක් බඳවා ගැනීමට සූදානම් වෙයි .ඒ සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබාදෙන බව ලිතුවේනියාවේ Manvesta ප්‍රවාහන සේවයේ ජේෂ්ඨ අධ්‍යක්ෂ ධනා ජැනරිකෙඒට් මහත්මිය පවසයි.

මැතිවරණය පවත්වන්නේ නැත්නම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට ගෙන්වා එම ප්‍රශ්නය පාරේ විසඳා ගන්න සූදානම් බව ජාතික ජනබලවේගය සඳහන් කරයි.

එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මිය ගිය බව තමන් පිළි නොගන්නා බව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්කේ සිවාජිලිංගම් මහතා සඳහන් කරයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් අද අලූයම හටගත් බව පොලීසිය සඳහන් කරයි.

වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7 ක් ආනයනය, විකිණීම සහ භාවිතය ජූනි මස 1 වැනිදා සිට තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවි තිබේ.

තැපැල් ඡන්ද පත්‍රිකාව හෙට දිනයේ බෙදාහැරීමට නොහැකි බව මැතිවරණ කොමිසම පවසා ඇත.

අඟහරුවාදා, 14 පෙබරවාරි 2023 20:50

යුරියා මිල අධිකයි.. තේ වගාව හාන්සියි..

තේ වගාව සදහා යොදන නයිට්‍රජන් අඩංගු කිලෝ පනහක යුරියා වර්ගයේ රසායනික පෙහොර බෑගයක මිල රැපියල් 17,500ක ඉහළ මිලක් විම හේතුවෙන් පෙහොර යෙදිමට නොහැකි විම නිසා ප්‍රදේශ රැසක තේ වගාවන් හිි තේ පදුරැ කහපැහැ විි දුර්ලව වි තේ වගාවන් විනාශ වෙමින් ඇතැයි කුඩා තේ වතු හිමියන් කියති.

විදුලිය බිල වැඩි කිරීම පිලිබදව විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව අතර පැවැති සාකච්ඡාව එකඟත්වයෙන් තොරව අවසන්ව තිබේ.

මාර්තු 9 වැනි දා පළාත් පාලන මැතිවරණය දින නියම කළ පරිදිම පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥා දී ඇති හෙයින් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීම මුදල් අමාත්‍යාංශයේත්, මුදල් ලේකම්වරයාගේත් වගකීම බවත් එසේ කිරීමට නොහැකි නම් මුදල් ලේකම්වරයා ඉල්ලා අස්විය යුතු බවත් නිදහස් ජනතා සන්ධානය කැකිරාවේදි පැවැත් වූ රැස්වීමක දී පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website