දේශපාලන සහ සමාජීය පුවත්

සෞඛ්‍ය ඇමතිතුමාට කරුණු වටහා ගැනීමේ ශක්තියක් නොමැති බවත් එතුමාගේ අපොස සා.පෙළ / උ.පෙළ වැනි මුලික අධ්‍යාපන සුදුසුකම් ජනතාව දැනගත යුතු බවත් අරගලයක් සිදු කර රට වෙනස් කිරීමට දැන් උගත් පිරිස් අදහස් දැක්වුවා සේම ඔවුන් දේශපාලනයට පැමිණිය යුතු බවත් මැතිවරණ සඳහා ඉදිරිපත්විය යුතු බවත් 43 සේනාංකය පවසයි.

බ්‍රහස්පතින්දා, 16 පෙබරවාරි 2023 07:13

විදුලි කප්පාදුව අවසන්.. අඛණ්ඩ විදුලිය..

දැනට වසරකට වැඩි කාලයක් තිස්සේ සිදු කරමින් ඇති දෛනික විදුලි කප්පාදුව අත්හිටු වීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට හම්බන්තොට මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය.

මහජන බැංකුව විසින් තෙල් සංස්ථාවෙන් ඉන්ධන තොග මිලදී ගැනීමට බෙදුම් කරුවන් වෙනුවෙන් විවෘත කර තිබූ ගිණුම අත්හිටුවා ඇතැයි ඛනිජතෙල් බෙදුම් කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය කල් දැමිමට අලි කපුටු පොහොට්ටු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

රජය විසින් පනවා ඇති නව බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමට කටයුතු නොකරන්නේ නම් දැඩි පියවර ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

තැපැල් ඡන්දය දින නියමයකින් තොරව කල්දැමීමත්, පළාත් පාලන මැතිවරණයද කල් දැමීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සහ ගනිමින් සිටින තත්ත්වයක ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සහ කථානායකවරයාගේ විශේෂ අවධානය යොමුකරන ලෙස ඉල්ලා නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරන 35කට ආසන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව ලිපියක් අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකර ඇත.

තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නතර කරන විට මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකාවලින් සියයට 50 ක් මුද්‍රණය කර තිබූ බව රජයේ මුද්‍රණාලයේ සමගි සේවක සංගමය පවසයි.

විදුලි ගාස්තු 66% කින් වැඩි කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ බහුතර සාමාජිකයන් විසින් අනුමැතිය ලබාදී තිබේ.

බදාදා, 15 පෙබරවාරි 2023 10:11

පළාත් පාලන ඡන්දය කල් යන ලකුණු!

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් බරපතල අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website