දේශපාලන සහ සමාජීය පුවත්

කොළඹ මහාධිකරණ විසින් හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වන මයෝන් මුස්තාපාට මාස 06ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් හා වසර හතකට ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නියෝග කර ඇත.

සිකුරාදා, 17 පෙබරවාරි 2023 20:43

විදුලියට සමානව ජල ගාස්තුත් ඉහලට..

විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු ඉහල දැමීමට සාපේක්ෂව ජල ගාස්තු ඉහල දැමීමට නියමිතව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

එළඹෙන 22, 23, 24, 28 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබු පලාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

ප්‍රමාණවත් පරිදි මුදල් ලබා නොදීම මත සැලසුම් කළ දිනට මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමසාරිස්වරයා දැන්වූ බව. ජනතා සන්ධානය සඳහන් කරයි.

රාජ්‍ය මුද්‍රණාලයට අතිරේක ආරක්ෂාවක් ලබා දෙන්නැයි පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව මැතිවරණ කොමිසම පවසයි.

සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල ඇතුළු දීමනා 15% කින් කප්පාදු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

සිකුරාදා, 17 පෙබරවාරි 2023 08:03

ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඉවතට..

දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (SAFF) කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට ලබා දී ඇති අතර, FIFA තහනම හේතුවෙන් ශ්‍රී ලංකාව කලාපීය තරඟාවලියෙන් ඉවත් කර ඇත.

නව ආදායම් බදු පනත සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ජනාධිපතිවරයාට තවත් ලිපියක් යොමුකර තිබෙනවා.

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් සිදු කල පහර දිමක් හේතුවෙන් පළමු වසරේ සිසුන් 09 දෙනෙකු තුවාල ලබා ඊයේ (15) දා රාත්‍රියේ බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පැවැසීය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල රාජකාරි කාර්යාලය පොලීසිය විසින් මූද්‍රා තබා තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website