“රුපියල දුර්වල වෙන මේ අවස්ථාවේ ඉන්දියාව බලනවා, ඉන්දියානු රුපියල අපේ රට ඇතුළෙ ‘බින්න බස්සවා’ ගන්න. දැනටමත් නීත්‍යනුකූල නොවුණත් යාපනය කඩවල ඉන්දියානු රුපියල්වලින් ගනුදෙනු සිදු වෙනවා.
‘එක්තරා මත්පැන් සමාගමක්, මහ බැංකු වංචාවට සම්බන්ධ වෙච්ච සමාගමක් ලංකා බැංකුවෙන් ගත්ත ණයක්, මහජන බැංකුවෙන් ගත්ත ඇපකරයට තිබ්බේ එකම එකම දේපල ඒ දේපල වටිනාකම වගේ කීප ගුණයක ණය අරන් තියෙනවා’ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කොරියානු රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් ගමන් ගන්නා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 470 දරණ ගුවන් යානය ඊයේ(20) දිනයේදීත් පැය 12ක් පමණ ප්‍රමාදවීම නිසා එම ශ්‍රමිකයින් කණ්ඩායම කොරියාව බලා පිටත් කර යැවීමට නොහැකිව ඇත.
ඉන්දීය නාවික හමුදාවේ වාගිර් සබ්මැරීනය හා පාකිස්තාන නාවික හමුදාවට අයත තිප්පු සුල්තාන් නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රංශ සංචාරයෙන් පසු කැබිනට් සංශෝධනයක් සමග නව කැබිනට් අමාත්‍යවරුන් හය දෙනකු දිවුරුම් දීමේ සූදානමක් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
ඩෙංගු බෝ වෙන අතහැරදමා ඇති ඉඩම් ඇත්නම්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය විසින් එම ඉඩම අනාරක්ෂිත බවට දැනුම්දුනහොත් එවැනි ඉඩම් පවරාගන්න කටයුතු කරන බව ගොතටුව, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ පවසයි.
පාසල් දරුවන්ට පාසල් කාලය තුළදී මදුරුවන් දෂ්ඨ කිරීම වැළැක්වීම සඳහා අත් පා ආවරණය වන දිග ඇඳුම් ඇඳීම සුදුසු බවට ඩෙංගු මර්දනය පිළිබඳ බස්නාහිර පළාත් අනු කමිටුව කළ යෝජනාව සම්බන්ධයෙනස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.