2022 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය තුළ ලබාදීමට හැකිවනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ අනුව 2023 උසස් පෙළ විභාගය නොවැම්බර් මාසය අග ආරම්භ කර දෙසැම්බර් නත්තලට පෙර අවසන් කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කරයි.සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පැවැත්වීමට සිදුවන බව ද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පැවසුවේය.
DMN
දීර්ඝකාලීනව නොවිසිඳුණු වෘත්තීය ගැටලු කිපයක් මුල්කර ගනිමින් ලබන 19 වැනිදා සේවයෙන් ඉවත්වීමට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය තීරණය කර ඇත.
මෙරට මෙතෙක් හමු වී නැති මිල අධික මත්ද්‍රව්‍ය විශේෂයක් (ග්‍රෑම් 115) සමඟ
මොරටුවේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු සහ මාලදිවයිනේ
ව්‍යාපාරවල නිරත කෝටිපති ව්‍යාපාරිකයකු සමඟ එම ව්‍යාපාරිකයාගේ ගෝලයකු
පානදුර පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ
(14) කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
මරණ බවට තර්ජනය කළ බියවද්දා යුද හමුදා කපිතාන්වරයකුගෙන් බලහත්කාරයෙන් රුපියල් ලක්‍ෂ හයක මුදලක් ලබාගැනීම හා ඒ සඳහා ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවක විත්තිකරුවන් වූ ආසියානු පදක්කම්ලාභී ධාවන ශූර රංග විමලවංශ හා පොලිස් කොස්තාපල් නිහාල් ජයන්ත යන මහත්වරුන් චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා පෙරේදා (04දා) නියෝග කළේය.
“මගේ දරුවා විශාල වේදනාවක් දරාගෙන කෑගහද්දි කවුරු හරි ඇවිත් බැලුවා නම් අද මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. දුව ගැන බලන්න කිවුවත් කවුරුත් බැලුවේ නැහැ. මගේ දරුවා මැරුණේ රෝහල් බලධාරීන්ගේ නොසැලකිලිමත් බව නිසා“ යැයි තුන් නිවුන් දරුවන් බිහි කිරීමේ බලාපොරොත්තුවෙන් සිටියදී රාගම රෝහලේදී මිය ගිය ලවන්ති ජයසූරියගේ මව හඬා වැටෙමින් පැවසුවාය.
ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙයි.
දිගින් දිගටම පාඩු ලබමින් ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉක්මනින්ම ප්රතිව්යුහගතකරණයට ලක් නොකළහොත් එහි සේවය කරන සේවකයන් 6,000කගේ පමණ රැකියා අහිමි වනු ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.
කෝටි එකහමාරක් වටිනා රත්රන් රේගුව විසින් අත්අඩංගුවට ගත් පසු වජිර අබේවර්ධන මහතා විසින් රේගු අධ්‍යක්ෂක ජෙනරාල්ට බලපෑම් කර සතපහක් නොදී නිදහස් කර ඇතැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.
සී.ඩී වික්‍රමරත්න මහතාගේ විශ්‍රාම යාමෙන් හිස්වන පොලිස්පති ධුරය සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන් වන නිලන්ත ජයවර්ධන හෝ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් සම්බන්ධයෙන් කිසිදු සලකා බැලීමක් නොකරන ලෙස කොළඹ රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් සදහන් කරති.