දේශපාලන සහ සමාජීය පුවත්

චීන රජයෙන් මෙරටට පරිත්‍යාග කළ ඩීසල් තොගය කඩිනමින් ගොවි ජනතාව වෙත බෙදා හරින ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට නියෝග කර තිබේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා රුසියාව විසින් යෝජනාවක් සමග අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය පවසයි.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ ශ්‍රී ලංකා යුධ හමුදා 14 වැනි මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම අද ( 02 ) අලුයම ලෙබනනය බලා පිටත්ව ගියහ.

කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා ( 04) පස්වරු 2.00 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

බිත්තර වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායකට අයත් ගොවිපොළකට නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

බ්‍රහස්පතින්දා, 02 මාර්තු 2023 11:04

පෙබරවාරි මාසයේ සංචාරකයන් 107,639 ක් පැමිණෙයි

ගත වූ පෙබරවාරි මාසය තුළ මෙරටට සංචාරකයන් 107,639 ක පිරිසක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කරන අයෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවීමක් පිළිබඳව සොයා බලන්නැයි මැතිවරණ කොමිසම විසින් පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර තිබේ.

මරදගහමුල සහල් ගබඩා සංකීර්ණයට අනුබද්ධිත සහල් විකිණීමේ වෙළඳ කුටි 115හි ඉදිකිරීම්වල ඉතිරි වැඩ අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දෙයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගෙන් නිල කාර්යාලයේ තිබූ සියලු ලිපි ලේඛණ පොලිස් භාරයට ගෙන තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website