දේශපාලන සහ සමාජීය පුවත්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නැවත සක්‍රීය කොට ජාතික ආර්ථිකයට එක් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විෂයභාර අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ රජයේ මුද්‍රණාලාධිපතිනිය ඇතුළු නිලධාරීන් යළි මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර තිබේ.

වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොළොන්නාව දක්වා මාර්ගය අද (04) පෙරවරු 9.00 සිට හෙට දහවල් 12.00 දක්වා වසා තැබෙන බව පොලීසිය පවසයි.

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (04) පස්වරු 2 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඉවත් කිරීමට පක්ෂ විධායක සභාව තීරණය කර තිබේ.

ඩොලරයේ අගය එකවර විශාල පහත වැටීමක් ශ‍්‍රී ලංකා මහ බැංකුව මැදිහත්වී වැළැක් වූ බව මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

සෙනසුරාදා, 04 මාර්තු 2023 07:09

එස්.බී.ට උසස් අධ්‍යාපන ඇමතිකම..

එස්.බී. දිසානායත මහතාට උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරය බාරගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.

උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු වෙනුවෙන් පරීක්ෂකවරුන් කැඳවීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා තීරණය කර තිබේ.

එළැඹෙන මාර්තු 9 වැනි දාට පෙර පළාත් පාලන ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම පවසයි.

දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනයට ඉවහල් විය යුතු අධ්‍යාපන ක්‍රියාවලිය තුළ විෂය මගින් ලබාගන්නා දැනුම ඉන් ඔබ්බට ගෙන ගොස් කුසලතා ඉස්මතු කර නව නිර්මාණකරුවන් බිහි කරන සුවිශේෂී අවස්ථාවක් වශයෙන් තර්ස්ටන් විද්‍යාලයීය ‘පර්සෙප්ෂන්ස් ‘23 (Perceptions ’23)’ චිත්‍ර ප්‍රදර්ශනය හැඳින්විය හැකි බව අද දින එම විද්‍යාලයේ පැවති චිත්‍ර තරග සහතික හා ත්‍යාග ප්‍රදානෝත්වයට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website