ජල ගාස්තු අයකිරීමේ මිල සූත්‍රය ලබන දෙසැම්බර් මස සිට ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පැවසීය.
මණ්ඩලයෙන් එවන වතුර බිංදුවක්වත් අපතේ යවන්න එපා
ජල මූලාශ්‍ර 42ක් අවදානමේ ජල නිෂ්පාදනය 9%ක් අඩු වෙයි
ජල සබඳතා 54580කට හරියට වතුර යන්නේ නෑ
තවත් සබඳතා 58866ක් ‘වැට උඩ’ – ඇමැති ජීවන් තොණ්ඩමන් එක්වූ මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි කියයි.
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ ගින්නෙන් විනාශ වූ කර්මාන්ත ශාලාව සඳහා පරිසර බලපත්‍රයක් ලබාගෙන නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.
පවතින වියළි කාලගුණයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
මුදල් අමාත්‍යාංශයේ දෙවන මහලේ ඇතිවූ ගින්න ඉතා ඉක්මනින් මැඬපවත්වා යථා තත්ත්වයට පත්කළ බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊයේ (16 දා) දිවයිනට කීවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් සැප්තැම්බර් 14 වැනිදා සිට 27 වැනිද දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
චීනයේ සයිනොපෙක් සමාගම සැප්තැම්බර් 20වැනිදා ශ්‍රී ලංකාවේ ඉන්ධන අලෙවි කිරීමේ කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කර ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මේ වනවිට දිවයින පුරා නියඟය නිසා වී වගාවට සිදුව ඇති වගා හානි තක්සේරු කිරීම ආරම්භ කර තිබේ.
ඉන්දීය ආධාර යටතේ මෙරටට හඳුන්වාදෙන නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කරන ආයතන හා ශ්‍රී ලංකා රජය ලබන ඔක්තෝම්බර් මාසයේදී ගිවිසුම් ගතවීමට නියමිතය.