අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉකුත් 2022 වර්ෂයේ දී දූෂණ චෝදනා සම්බන්ධ පැමිණිලි 2512ක් ලැබී ඇති බැව් එම කොමිෂන් සභාව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති ප්‍රගති වාර්තාවේ සඳහන් වෙයි.
මව්වරු බිළිඳුන් මහමඟ දමා යනවා. එහෙම නොමැති නම් ඝාතනය කරනවා. එහෙම කරන්න එපා. බිළිඳුන් අපට දෙන්න යැයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ඉල්ලා සිටියි .
මාර්ගගත ක්‍රම (ඔන්ලයින්) හරහා ක්‍රියාත්මක වන නොයෙකුත් යෝජනාක්‍රම නීත්‍යනුකූල බව හුවාදැක්වීම සඳහා සාධාරණීකරණය කරමින් නොයෙකුත් ආකාරයේ ව්‍යාජ කරුණු ඉදිරිපත් කර ආයෝජකයන් නොමඟ යවා මුදල් තැන්පතු කරවා ගැනීමට හෝ ආයෝජනය ලබා ගැනීමට කටයුතු කරන බවට දන්වමින් මේ පැමිණිලි ලැබී ඇති බව මහ බැංකුව සඳහන් කරයි.
ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ පිහිටි නිවසක පිටුපස තිබූ දර මඩුවක ටී 56 වර්ගයේ ගිනි අවි සහ ක්ලේමෝ බෝම්බයක් ඇතුළු ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය සඟවා තබා එම අවි සහ පුපුරන ද්‍රව්‍ය හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන්ට අයත් යැයි කියමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට බොරු සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්
මරණය සැක සහිතයි – ඥාතීහු කියති
ත්‍රීකුණාමල පොලිසියේ සිර මැදිරිය තුළ සැකකරුවකු ගෙල වැළලාගෙන මියයෑමේ සිද්ධියක් මුල් කරගෙන ත්‍රීකුණාමල ජමාලියා හන්දියේදී පෙරේදා (23 දා) රාත්‍රියේ කුපිත වූ පිරිසක් මාර්ගය වසාදමා විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබුණි.
නිර්වින්දන ඖෂධයක් වන අයිසොෆ්ලොරේන් ෆ්ලොරේන් (iso Florane) නොමැතිවීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යකර්ම සිදු කිරීම අද (25 දා) වනවිට සම්පූර්ණයෙන්ම නතරවීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක සුරාසල් 100 කට වැඩි ප්‍රමාණයකින් ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් යෙදූ මත්පැන් බෝතල් හමුවී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඊයේ (23දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අගෝස්තු මාසය අවසන් වන තෙක්ම අධික උණුසුම් තත්ත්වය පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා ‘දිවයින’ට ඊයේ (23 දා) පැවසීය.
“දිගින් දිගටම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මාධ්‍ය හා දේශපාලනඥයන් බොරැල්ල රිජ්වේ ආර්යා රෝහලට ඇතුළත් කරන දරුවන් මැරෙනවා කියලා සංවිධානාත්මක බොරු ප්‍රචාරය කරනවා.
දිවයින පුරා තෝරා ගත් පාසල් සිසුවියන් 47,250කට වසරකට සරිලන සනීපාරක්ෂක තුවා පැකට්ටු ලබාදීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා රතු කුරුස සමාජය පවසයි.මෙය පසුගිය ජුනි මස අවසාන වන විට ලබාදී ඇතැයි ද සදහන් කරයි.