ඉතිහාසයේ පළමු වරට එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව 20/20 තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (06) සමත්වී තිබුණි.
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව නැවත සමීක්ෂණ සඳහා අද (07) සිට අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙරට අරක්කු ලෙස අලෙවි කරමින් සිටින්නේ යූරියා දමා සකසන විස දියරයක් බව සිවිල් අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ මහතා සඳහන් කරයි.
2022/23 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 45,000ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
මෙරට සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ විදෙස් නාලිකාව මගින් සිදු කරන ලද ඉදිරිපත් කිරීම පදනම් විරහිත එකක් යැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06දා) පැවසීය.
බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව අද (05) විකාශය කිරීමට නියමිත මෙරට පාස්කු ප්‍රහාරය පිළිබඳ මතභේදාත්මක වාර්තාමය වැඩසටහනේ පූර්ව ප්‍රචාරක පටයක් නිකුත් කර තිබුණි.
එක සැරයක් මාලිමාවට ආණ්ඩු බලය ලබා දුනහොත් එය ලංකා ඉතිහාසයේ බිහි කරන ලද හොඳම ආණ්ඩුව බවට පත් කරන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඊයේ (05) රාත්‍රී තීරණය කර ඇතැයි වාර්තාවේ.
වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමැති ලෙස සිටි 2015 සිට 2019 දක්වා කාලයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට කොන්ත්‍රාත් පදනම මත හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පමණක් සේවකයන් 2100ක් බඳවා ගෙන ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය.