සෞඛ්‍ය ඇමැතිවරයා, සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් අද (13දා) සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතවීමට වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන එකමුතුව තීරණය කර ඇත.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරන බව ශ්‍රී ලංකාව පෙරේදා (11 දා) ජිනීවා හි ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කළේය.
චැනල් ෆෝ නාලිකාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවිධ වීඩියෝ නිෂ්පාදනය කරන්නේ මාධ්‍යවේදී සමන් කුමාර රාමවික්‍රම විසින් විකුණන ලද වීඩියෝවලින් බව හිටපු හමුදා නිලධාරී කීර්ති රත්නායක මහතා සඳහන් කරයි.
ඒ නිසා මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ සමන් කුමාර රාමවික්‍රම බවද හෙතෙම අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී පැවසීය.
පාස්කු ප‍්‍රහාරයේ මහමොළකරු බුද්ධි නිලධාරී සලේ නොවන බවත් සලේ යනු තවත් එක් ඉත්තෙක් පමණක් බවත් ඔහු එහිදී කියා සිටියේය.
පාස්කු ප්‍රහාරය පසුපස හිටියේ ඉන්දියනු හා සිංගප්පූරු බුද්ධි අංශ බවද ඔහු පෙන්වා දෙයි.
ප්‍රහාරයෙන් මියගිය විදේශිකයන් ගේ පවුල්වල අය එකතු වී මෙම ප්‍රහාරයට සම්බන්ධ අයගේ අය පවුල් පිටින් විනාශ කරන රහස් මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර ඇති බවද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.
CN
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් දේශපාලනයට පිවිසීම සඳහා සූදානම් වෙමින් සිටින බවට ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
පාස්කු ප්‍රහාරයට අදාළව චැනල් 4 නාලිකාවේ වීඩියෝව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව බි්‍රතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන යමින් දරුවන් කෲර ලෙස අත්හැර ගොස් වෙනම පවුල් ජීවිතයක් ගත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලද දෙදරු මවක් හා දෙදරු පියකු මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහර වැඩබලන මහෙස්ත්‍රාත් වාසනා එල්ලාවල මහත්මිය ඉකුත් සෙනසුරාදා (09 වැනිදා) නියම කරනු ලැබුවාය.
රජයේ කාර්යාලීය විද්‍යුත් ලිපිනයන් වෙත එල්ල කරන ලද සයිබර් ප්‍රහාරයක් නිසා රාජ්‍ය ආයතන රැසක දත්ත අස්ථාන ගත වී තිබේ.
අද සහ හෙට දෙදින තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රට පුරා ප‍්‍රධාන රෝහල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට තීරණය කර තිබේ.
මෙතෙක් කලක් තිබූ නිර්ණායකයන්ට පටහැනිව අලුතින් ඉන්ධනහල් ඉදිකිරීම නිසා මේ වනවිට එම ව්‍යාපාරයේ නිරතව සිටින පිරිස දැඩි අර්බුදයකට ලක්ව සිටින බව ඛනිජ තෙල් බෙඳුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.