දේශපාලන සහ සමාජීය පුවත්

සදුදා, 18 සැප්තැම්බර් 2023 09:40

මන්ත්‍රී උද්දිකගේ වාහනයට වෙඩි තබයි

වාහනයකින් පැමිණි පිරිසක් ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ගේ වාහනයට වෙඩිතබා ඇත.

වැලිගම බුහාරි භක්තියා ජුම්බා පල්ලියේ පසුගිය සිකුරාදා (15දා) ඇතිවූ ගැටුමකදී වහාබ්වාදී කණ්ඩායමක් විසින් සම්ප්‍රදායික මුස්ලිම්වරුන් පස්දෙනෙකුට බරපතළ ලෙස පහරදී තුවාල සිදුකර ඇත.

රටේ ළමුන් අතර මන්දපෝෂණය වැළැක්වීමට සහ ඒ සඳහා ප්‍රතිකාර කිරීමට, ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා ප්‍රංශය, යුනිසෙෆ් හරහා යුරෝ 500,000ක් පරිත්‍යාග කර ඇත.

රාජ්‍ය ආයතනවල විද්‍යුත් ලිපිනයන්වලට එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඉරිදා, 17 සැප්තැම්බර් 2023 12:18

ශ්‍රීලනිපයෙන් යන්නෙම නෑ – දයාසිරි

කුමන එදිරිවාදිකම් සිදුකළත් තමා කිසිවිටෙකත් පක්‍ෂයෙන් ඉවත් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒ හා සන්ධානගත ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණ අතර සාකච්ඡාවක් කොළඹ දී සිදුකෙරිණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත උතුමාණෝ හිමාලි අරුණතිලක විසින් මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරයට ඉදිරිපත් කළ සම්පූර්ණ ප්‍රකාශය

උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශික්ෂණ රෝහලට ගිය අවුරුදු 08 ක දැරියගේ කපා දමන ලද අත වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිසිය මගින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන ලෙස යාපනය මහෙස්ත්‍රාත්වරයා පෙරේදා (14 දා) නියෝග කොට තිබේ.

තමන් සමගි ජනබලවේගය පක්‍ෂයෙන් නෙරපා හැරීම අභියෝගයට ලක්කරමින් ඇමැති හරින් ප්‍රනාන්දු සහ ඇමැති මනුෂ නානායක්කාර යන මහත්වරුන් ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් විමසීම ලබන ඔක්තෝබර් 10, 12 සහ 13 යන තෙදිනෙහි පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15දා) දින නියම කළේය.

තමන් දේශපාලන සහයෝගයෙන් රටින් පලා ගිය බව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා පාතාල කල්ලි නායකයෙකු වන ගනේමුල්ල සංජීව සඳහන් කරයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website