මේ වසරේ ගතවූ කාලය තුළදී මෙරටින් ලාදුරු රෝගය වැළඳුණු දරුවන් 105 දෙනකු හඳුනාගෙන ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.
* මැතිවරණයකට යන මුළු වියදම රුපියල් බිලියන 11ක් - මිලියන එකොලොස් දාහක්.
* මේ මාසයේ සිට ඉදිරි ජනාධිපතිවරණයට ඇත්තේ හරියටම තව අවුරුද්දයි.
* ඔක්තෝම්බර් මාසයේ අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයක්!!!
සමාජ මාධ්‍ය මර්දනය කිරීමේ පනත ආණ්ඩුව සම්මත කළහොත් ඊට එරෙහි සියලු දෙනා සමග එක්ව එකම වෙලාවක ඊට විරෝධය පාන පෝස්ට් එකක් දමා නව මාදිලියේ සටනක් ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඔක්තෝබර් 01 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් අද (01 වැනිදා) දින දෙහිවල ජාතික සත්වෝද්‍යානය අවුරුදු 12 න් පහළ දරුවන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව උදා කර දෙන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
තමන් ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමේ කිසිදු සූදානමක නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ශ්‍රි ලංකා පාපන්දු සම්මේලනයේ අද පැවැති නිලවරණයේදී ජස්වාර් උමාර් මහතා ඡන්ද 45ක් ලබා සභාපති ලෙස පත් විය.
ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ මිලදී ගන්නා ඖෂධ තොගයෙන් ඖෂධ වර්ග 12ක් ගෙන්වීමට මෙතෙක් කල් බාල ඖෂධ ගෙන්වූ සමාගමකට අවසර දී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ පැවසීය.
“පුළුන් සහිත කොට්න් බට්න් කනේ ගහගෙන තුවාල කරගත් දරුවන් ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණීමේ වැඩිවීමක් දක්නට තිබෙනවා”යැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය.
ජීවිත තර්ජන ඇතැයි පවසමින් මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ටී. සරවණරාජා සිය ධුරයන් ගෙන් ඉල්ලා අස්වී තිබේ.