2024 වසර සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට හා පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීමට ඔක්තෝබර් මස 1 වැනිදා සිට 2023 දෙසැම්බර් 31 වැනිදා කල් ලබාදී ඇත.
රුපියල් 3600 ක් පමණ වන මිලක් ගෙවා සාමාන්‍ය ජනතාවට මත්පැන් බෝතලයක් මිලට ගැනීමට නොහැකි නිසා ඊට විකල්පයක් හඳුන්වා දිය යුතුව ඇතැයි සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.
සමාජ මාධ්‍ය මාර්ගගත පනත තුළින් ආණ්ඩුව ජාතික ජන බලවේගය මර්දනය කිරීමේ කුමන්ත්‍රණයක නිරත වන බව ජාතික ජන බලවේගයෙ විධායක කමිටු සාමාජික නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.
හෙට දින පැවැත්වීම නියමිත ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයේදී අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ලබාදුන් උපදෙස් අනුව කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාවට සම්බාධකවලට මුහුණ දීමට සිදු වනු ඇති බව එම සම්මේලනය දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කර ඇත.සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කළ බව විනිසුරු සාරා හගෙට් තීන්දු කර තිබේ.
මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාට එරෙහිව පවරා ඇති නඩුවක විභාගය ලබන මස 27 වැනිදා ආරම්භ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (27 දා) දින නියම කළේය.
මත්පැන්, දුම්කොළ, දුම්වැටි භාවිතයෙන් රට මුදා ගැනීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම එකඟ වන්නේ නම් රටක් ලෙස පරමාදර්ශීව එය සිදු කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කතරගම දේවාලයේ කපුවන්, බස්නායක නිලමේවරුන් සියලු දෙනාම හොරු යැයි එම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල රත්නායක මහතා සඳහන් කරයි.
බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝගහපැලැස්ස සහ නක්කල යන ප්‍රදේශවලට ඉකුත් 25 වැනිදා රාත්‍රී 11.21ට පමණ සුළු භූ කම්පනයක් සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ ඒකකයේ මොනරාගල නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.එච්. රවීන්ද්‍ර කුමාර මහතා පැවසීය.