දේශපාලන සහ සමාජීය පුවත්

සිකුරාදා, 20 ඔක්තෝබර් 2023 16:21

පොලිස්පති ලිපිය මගෙ අතේ

වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීමට අදාළ ලිපිය තමා වෙත ලැබී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (19දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මිශ්‍ර ඡන්ද ක්‍රමයක් පාර්ලිමේන්තු මැතිවරණයට හඳුන්වාදීම සඳහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මෙන්ම, ඡන්ද අපේක්ෂකයන්ගේ ඇප මුදල් සංශෝධනය ගැන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක්,

ව්‍යවස්ථාදායක සභාවට පුළුවන් නම් නිර්දේශ කිරීමටයි – වජිර

සිනමා සක්විති ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ සිනමාවේදී ගාමිණී ෆොන්සේකා මහතාට රුපියල් මිලියන 300ක වන්දියක් ගෙවන ලෙසට හම්බන්තොට දිසා අධිකරණය විසින් 1999.12.13 වැනිදා මහජන බැංකුවට නියම කරමින් ලබාදී තිබූ තීන්දුවක් අභියාචනාධිකරණය බලරහිත කළේය.

දකුණු දිග ලෙබනනයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් සිටීනම්, පහත දුරකතන අංක, වට්ස්ඇප් (WhatsApp) හෝ ඊ මේල් ලිපිනය ඔස්සේ ඔවුන්ගේ නම සහ දුරකතන අංකය හැකි ඉක්මනින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. 

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පොලීසිය බාරව සිටින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද දිවයිනේ නොමැති අවස්ථාවේදී පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය නැවත ආපසු හරවමින් පොලිස්පතිවරයා ධුරයේ පිහිටවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) පියවර ගත්තේය.

ඊශ්‍රායලයේදී අතුරුදන් වූ බවට සඳහන් වූ ශ්‍රී ලාංකික කාන්තාව මියගොස් ඇති බවට තහවුරු වී ඇත .ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ එම කාන්තාව හමාස් සටන් කරුවන් අතින් ඝාතනය වී ඇති බවට එරට බලධාරීන් විසින් තහවුරු කර ඇති බවය.

පරිසර ඇමැති ලෙස කටයුතු කළ නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සහීර් මවුලානා මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඊයේ (17දා) දිවුරුම් දුන්නේය.

පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා වන විට දසුන් ශානකට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබූ නමුත් එදිනම පස්වරු වන විට දසුන් ශානක කණ්ඩායමට ඇතුලත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබිණි.

ඊශ්‍රායල් ජෝර්දාන් දේශ සීමාවේදී ශ‍්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වී තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website