දේශපාලන සහ සමාජීය පුවත්

පැය 4ක් තුළ ගින්න පාලනය කළා – ගිනි නිවීමේ හමුදාව
විෂ දුම වැදුණු හා පිළිස්සුණු 25 දෙනෙක් රෝහලේ 4 දෙනෙකුට අමාරුයි
ගිනි නිවන රථ 13ක් භටයෝ 40ක් ගිනි නිවන්න එති
තට්ටු හයෙන් පහකටම හානි විදුලි කාන්දුවක් දැයි සැකයක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතාට එරෙහිව පවරා ඇති නඩු තුන විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරු චමත් මොරායස් මහතා ඉවත් වන බව දන්වා ඇතැයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඊයේ (27 දා) සියලු පාර්ශ්වවලට දැනුම් දුන්නේය.

වරාය සියලු සේවකයන්ගේ වැටුප සියයට 36 කින් ඉහළ දමන ලෙස වරාය වෘත්තිය සමග විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඉල්ලා තිබේ.

ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ පාලනය වන ආගරපතන ඩයගම සත්ව ගොවිපොලේ බෝවන වෛරසයක් වැලදි තිබු ඔස්ට්‍රේලියාවෙන් මෙරටට ආනයනය කරන ලද කිරි එළදෙනුන් 450 දෙනෙකු පමණ සත්ව ගොවිපොලේ පාලන අධිකාරිය වසරක කාලයක් තුල වරින් වර මස් පිණිස ප්‍රදේශයේ ගව මස් අලෙවිකරුවන් වෙත අලෙවි කර ඇති බව එම සත්ව ගොවිපොලේ සේවකයින් පවසති.

බ්‍රහස්පතින්දා, 26 ඔක්තෝබර් 2023 08:36

චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව කොළඹ වරායට

“Shi Yan 6” චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව අද (25) කොළඹ වරායට ළඟාවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට පොලිසිය එල්ල කළ අමානුෂික පහරදීමට එරෙහිව අද (26 දා) මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට ගොස් පැමිණිල්ලක් කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘දිවයින’ට පැවසීය.

6කට තුවාල

පාසල් නඩත්තුව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම වහා නතර කිරීම, රටේ අධ්‍යාපනය සඳහා සියයට 6 ක් වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් 7 ක් සඳහා විසඳුම් ඉල්ලා ගුරු – විදුහල්පතිවරුන් ඊයේ (24දා) දහවල් සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට පිටකෝට්ටේ පාලම් තුන හන්දිය අසලදී පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන්නට වීමත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් හට ගැනුණු අතර එහිදී 6 දෙනකු තුවාල ලබා තිබේ.

ඊශ්‍රායලයට පැමිණ දැනට වීසා නොමැතිව සිටින ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදී රැකියා ලබා ගැනීමට සහාය දෙන මෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා එරට රජයෙන් ඉල්ලා තිබේ.

ආසියානු පැරා ක්‍රීඩා මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම් 2ක් දිනා ගැනීමට නුවන් ඉන්දික සහ ප්‍රදීප් සෝමසිරි ඊයේ (24 වැනිදා) සමත් වූහ.

ජාතික ජන බලවේගය සඳහා ඇති ප්‍රසාදය සියයට 42කින් ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ ‘ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය’ මගින් හෙළිව තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website