උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් අද (22) විභාගයට ගැනුන අතර, එහිදී අංක SC/ FR/240/2023 නඩුව නිෂ්ප්‍රභා වී ඇති අතර SC/ FR/254/2023 දරන නඩුව පෙත්සම්කාර පාර්ශවය විසින් ඉල්ලා අස්කර ගෙන තිබේ.
2021 වසරට වඩා 2022 වසරේ සියයට 48ක් ඒ. අයි. වී. ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය ඊයේ (22 දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයක දී පැවසුවාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට සති දෙකක් පාර්ලිමේන්තුව පැමිණීම තහනම් කර ඇත.
ආනයනික ටින්මාළු, කැකුළු සහල් ඇතුළු කොළඹ වරායේ ගබඩා කර ඇති බහාලුම් හතළිස් තුනක තිබෙන මිනිස් පරිභෝජනයට නුසුදුසු වියළි ආහාර විශාල තොගයක් සත්ත්ව ආහාර ලෙස වරායෙන් පිට කිරීමට ගත් උත්සාහයක් රේගු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් වළක්වා තිබේ.
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ඇතුළු උසස් නිලධාරී සිව්දෙනා එළැඹෙන 29 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් තුනක් ජනවාරි මස 31 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (13) නියෝග කළේය.
විදේශීය යුද නැව්, ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීම සම්බන්ධයෙන් සිදුකළ යාවත්කාලීන කිරීම් පිළිබඳව විදේශ ධුත මණ්ඩල දැනුවත් කිරීමට තීරණය කර තිබේ.