කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ දේපළ, ව්‍යාපාර සහ සම්පත් අධිකරණයේ මැදිහත් වීමකින් තොරව පරාටේ නීතිය හරහා ක්ෂණික වෙන්දේසියකට ලක් කිරීම වහා නැවැත්වීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ (ITAK) මධ්‍යම කාරක සභාව වවුනියාවේදී පැවැත්වීමට කලින් සූදානම් කොට තිබූ නමුත් එම සමුළුව ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට පෙරේදා (18දා) තීරණය කිරීමත් සමගම එම පක්ෂයේ සාමාජිකයෝ මත තුනකට බෙදී සිටිති.
විදේශ රටවල පර්යේෂණ නෞකාවලට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ කටයුතු කිරීමට අවසර ලබා දීම නැවත සලකා බලනතුරු වසරක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
දිවයින පුරා තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (19 ) පස්වරුව දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.
මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් 08 ක අද (19) අධ්‍යාපන කටයුතු සිදු නොවන බව මුලතිව් කලාප අධ්‍යාපන කාර්යාලය පවසයි.
ඇමැතිවරුන් ද ඇතුළුව ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25දෙනකු ඉදිරියේ දී සමගි ජන බලවේගය සමග එක්වීමට තීරණය කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට පැවසීය.
උතුරු පළාතට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්වය හමුවේ මුලතිව් දිස්ත්‍රීකයේ ප්‍රදේශ රැසක් ජලයන් යටව පවතී .
කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස්දෙනෙකුට වසර තුන බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇත.