මීළඟට තේරී පත් වන ජාතික ජන බලවේගය රජය විසින් දේශපාලනඥයන්ගේ මහජන මුදල් අවභාවිතය නවත්වන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් මන්ත‍්‍රී ධුරයක් දී ඇත්තේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පගාව ලෙස රුපියල් බිලියනයක් ලබාගෙන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.
‘ඉමියුනිග්ලොබින්’ බාල එන්නත් වංචාව සම්බන්ධයෙන් ප‍්‍රබල චරිත දෙකක්ද ඉතා නුදුරේදී අත්අඩංගුවට නියමිතව ඇතැයි සති අන්ත පුවත් පත් වාර්තා කරයි.
කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය හෙවත් LRT ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානය වැය කළ වියදම ගෙවන්නේ නම් පමණක් මෙරට සිදුකරන ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කරන බව ජපානය දැනුම්දී තිබේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකළේය.
වෛද්‍ය නිලධාරීන් සඳහා රජය ලබාදුන් රුපියල් 35,000 ක දීමනාව තමනට ද ලබාදී ආර්ථික යුක්තිය ඉටුකර ලෙස ඉල්ලමින් ලබන 16 දා (අඟහරුවාදා) උදෑසන 6.30 සිට රටපුරා රෝහල්වල යළි එක්දින වැඩවර්ජනයක නිරත වීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර ඇත.
.ඉතිරියේදී ජාතික හැඳුනුම්පත නිකුත් කරන විටම බදු ගෙවන්නා හඳුනාගන්නා අංකය නිකුත් කිරීමට රජය සූදානම් වෙයි.
මැද පෙරදිග රටවල් සමග වඩාත් සමීප සහයෝගීතාවයක් වැඩිදියුණු කර ගැනීම සදහා රජය ප්‍රමුඛතාවය ලබාදී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මැදපෙරදිග රටවල් 10ක තානාපතිවරුන් සමග