ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්‍ෂයේ කණ්ඩායමක් අද දිනයේ ඉන්දියාව බලා පිටත් යාමට නියමිතව තිබේ.
රජයේ මුදල් අපහරණය ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වහාම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඉල්ලා සිටී.
සමගි ජන බලවේගය විරුද්ධ වුවත් මාර්ගගත සුරක්ෂිත පනත පාර්ලිමේන්තුවේ අනුමත වී කතානායකවරයා මෙය සහතික කළත් මීට පෙර එම පනත් කෙටුම්පත් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට ලක් කර සිදුවිය යුතු
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද ප්‍රධානත්වයක් උසුලන නව සන්ධානයක් මේ වන විට බිහිවෙමින් තිබේ.
ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී සිටිය දී ඉන්දියානු අධිකරණය මගින් නිදහස් කළ සාන්තන් නැමැත්තා ලංකාවට රැගෙන ඒමට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පියවර ගනිමින් ඇත.
අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් බෙලිඅත්තේදී වෙඩි තබා ඝාතනය කිරීමේ එක් වෙඩික්කරුවකු ලෙස කටයුතු කර ඇත්තේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරික්ෂකවරයෙක් බවට තොරතුරු හෙළිවී තිබේ.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.