දේශපාලන සහ සමාජීය පුවත්

ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ඇතුළු පිරිස (06) නව දිල්ලියේ පිහිටි ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව (ඔබ්සර්වර් රිසර්ච් ෆවුන්ඩේෂන්) හමුවිය.

අරගල සමයේදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉංග්‍රීසි ගුරුවරුවරයා ඇප මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළණ ගමගේ මහතා අද (06) නියම කළේය.

ජාතික ජනබලවේගය මැතිවරණ කොමිසම විසින් ලියාපදිංචි කර ආකාරය නීති විරෝධී යැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මෝසමක් ගොනුකර තිබේ.

පරිසර අමාත්‍යධුරයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉල්ලා අස්වී ඇත.ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කිරීමෙන් පසු ජනාධිපතිවරයා ඊට අනුමැතිය ලබා දී තිබේ.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීමේදී සිදුවී ඇති රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගේ නිල කාර්යාලයේ තිබූ සියලු ලිපි ලේඛන සිය භාරයට ගෙන ඇත.

අඟහරුවාදා, 06 පෙබරවාරි 2024 09:42

කංසා වගාවට කැබිනට් අනුමතිය

තෛලෝක විජය පත්‍ර හෙවත් කංසා වගා කිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට කැබිනට් අනුමැතිය අද (05දා) හිමිවී ඇත.

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාවිත් බස් රථයක් පැහැර ගැනීමට තැත් කළ රැඳවියන් 20 ක් සහ පුනරුත්ථාපන කඳවුරේ යුද හමුදා සෙබළුන් සමග ගැටුම් ඇතිකරගත් රැඳවියන් 14 ක් වැලිකන්ද සහ පුලතිසිගම පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇත.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website