අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබියදී උද්ඝෝෂණය කළ වරදට සේවය අත්හිටවූ ලංවීම කවුළු ලිපිකරුවන් හැටඅට දෙනා අතර එම දිනයන්හි රාජකාරී කළ අයකු සිටින බව වෘත්තීය සමිති කියා සිටිති.
මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කරන ලදී.
තමන්ට අතුරලියේ රතන හිමියන්ගෙන් මරණ තර්ජන ඇතැයි ඝාතනයට ලක් වූ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා විසින් පවසා ඇති බව එම පක්ෂයේ උපදේශක පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියෝ කියා සිටිති.
දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් හා ඔහු පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනුකර ඇති මූලිකඅයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 31 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22 දා) නියෝග කළේය.
දකුණු ආසියාවේ වේගවත් ධාවන ශූරයා ලෙස කිරුළ දිනා සිටින ශ්‍රී ලාංකික ක‍්‍රීඩක ෂෙහාන් අඹේපිටිය මව්බිම ජනතා පක්ෂය පක්ෂයේ වේදිකාවට ගොඩ වී තිබේ.
නුවර පෙරහර කිසිසේත්ම වෙනස් නොවන්නේ නම් තමන් ඉතා කැමැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගය විධායක සභික කේඩී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.
වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තරුණ තරුණියන් ලක්ෂයක පිරිසක් ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වී නොමැති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.