යුද අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවීම සදහා වන පනත් කෙටුම්පතක් මේ වන විට ගැසට් මගින් ප්‍රකාශ කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. මෙය 2009 සිට කොටි හිතවාදීන් දැරූ සිහිනය මල් පල දැරීමක් බවද ඒ මහතා ප්‍රකාශකර සිටියේය. පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සදහන් කර සටියේ පාර්ලිමෙන්තුව අමතමිනි.
මියයන රෝගීන්ගේ අත්‍යවශ්‍ය සිරුරු කොටස් බද්ධ කර ජීවිත ආරක්ෂා කිරීමේ අවයව බද්ධ කිරීමේ වැඩපිළිවෙළක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පිහිටුවීමට කටයුතු කර තිබේ.
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාලේඛන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සිදු කළ පර්යේෂණයකට අනුව මේ ආර්ථික විනාශය නිසා ලක්ෂ 31ක් දැවැන්ත ණය බරතාවකින් පෙලෙන බවත්
වෛද්‍යවරුන් සඳහා පමණක් රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට විරෝධය පළ කරමින් අද දිනයේ දී ද උදෑසන 8.00 සිට පැය 48ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ තීරණය කර තිබේ.වෘත්තීය සමිති 10ක් මෙම වර්ජනය සඳහා එක්වන බව එම පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් නමැති ප්‍රතිදේහ එන්නත් සැපයූ සමාගමේ නිෂ්පාදනාගාරය හා පරීක්‍ෂණාගාරය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරු,
ලංකා විදුලිබල මණ්ඩලය විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව සිදුකළ විදුලි බිල ඉහළ දැමීම නිසා විදුලි පාරිභෝගිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරනා තීන්දුවක් නිකුත් කරන ලෙසට හා වහාම එලෙස වැඩිකළ විදුලි ගාස්තු පහළ දැමීමට බලකරන රිට් ආඥාවක් බලධාරීන් වෙත නිකුත් කරන ලෙස ඉල්ලා
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේරත් කුමාර මහතා ලබන 10 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ශ්වසන රෝග සඳහා අවශ්‍ය ඖෂධ බොහොමයක් රජයේ රෝහල්වල හිඟ වීම හේතුවෙන් පවතින ශීත කාලගුණික තත්ත්වය හමුවේ රෝගීන් දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මියන්මාරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 56 දෙනා කඩිනම් මෙහෙයුමකින් මුදා ගැනීමට මියන්මාර රජය එකඟ වූ බව මියැන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පැවසීය.
සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා බවත්, මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.