COVID-19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය නිසා ශ්‍රී ලංකාවට ඇති විය හැකි අවදානම ඉතා අවමයි - සෞඛ්‍ය අමාත්‍යාංශය
මියන්මාරයට ශ්‍රී ලාංකිකයන් ජාවාරම් කිරීමේ සිද්ධියට අවශ්‍ය ව සිටි සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඖෂධ ගෙන්වීමේ වංචාවන්ට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා ඔවුන් පරිහරණය කළ ලිපි ගොනුවල අඩංගු අත්සන් සහ ඇඟිලි සලකුණු සහිත ලිපි රැසක් රජයේ රස පරීක්‍ෂකවරයාගේ පරීක්‍ෂණවලට ලක් කෙරෙයි.
ඉන්දියාවේ මේ දිනවල පැතිර යන ඔමික්‍රෝන් ජේ. එන්. 1 නව කොවිඩ් වෛරස ප්‍රභේදය මෙරටට ඇතුළු වී ඇති බවට සෞඛ්‍ය අංශ සැක පළ කළත්, ඒ පිළිබඳව පරීක්‍ෂණ සිදුකිරීමට අවශ්‍ය ප්‍රතික්‍රීයක සැපයීමට පියවර ගෙන නැතැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.
ප්‍රමිතියෙන් බාල ඖෂධ සම්බන්ධයෙන් නිශ්චිත ලෙස සාක්ෂි ලැබුණහොත් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගනු ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සඳහන් කරයි.
රෝහල් රැසක විකිරණ තාක්ෂණික උපකරණ ක්‍රියාවිරහිත වී ඇතිබව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය.
මේ දිනවල රට පුරා පැතිර යන උණ,සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස රෝගයන්ට “ජේ.එන්1” කොරෝනා උප ප්‍රබේදයේ බලපෑමක් තිබිය හැකි බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.
පොලිසිය විසින් දිවයින පුරා ආරම්භ කර ඇති මත් ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ සම්බන්ධව සිදු කරන යුක්තිය විශේෂ මෙහෙයුමේ දී පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 2,008 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.