ලබන ජනවාරි මාසය මෙරට සියලුම කිරිගව ගොවිපොළවල් ලියාපදිංචි කිරීම සඳහා වන පශු සම්පත් සංවර්ධන මාසයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයට උපදෙස් දුන්නේය.
තරංගාකාර වායුගෝලීය කැලඹීම හේතුවෙන් ඉදිරි දින කීපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්වයක් තාවකාලිකව වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉඩම් අවසර පත්‍ර හා දීමනා පත්‍ර ලාභීන්ට රජයේ ඉඩම්වල පරම අයිතිය ලබා දෙන උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
දිවයිනේ බොහෝ ප්‍රදේශයවල තව දුරටත් පවතින අධික වැසි හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක නවයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 38 නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (12 ) සවස දක්වා බල පැවැත්වෙන බව එම සංවිධානය කියයි
රටේ මෙවැනිම ආකාරයේ විදුලි බිඳවැටීම් තුනක් මෙයට පෙර වර්ෂ තුනකදීද සිදුව ඇතත් ඒ සෑම අවස්ථාවකදීම මෙවැනි බිඳවැටීම් වැළැක්වීමට මහජන උපයෝගීතා කොමිසම ඇතුළු ආයතන දුන් නිර්දේශ මේ දක්වා ක්‍රියාත්මකවී ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේය.
හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලිපාණාවල අස්වැද්දුම කන්ද අද විශාල ප්‍රදේශයක් නාය ගිය බවත් එහි පදිංචිව සිටි අය ඉවත් කරගෙන තිබූ බැවින් පවුල් විසිපහක පුද්ගලයන් අනූ හත් දෙනකුගේ ජීවිත බේරාගත් බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඒ. කේ. ජේ . ප්‍රියංගිකා මහත්මිය පැවසුවාය.