සෞඛ්‍ය සේවකයින් විසින් අද උදෑසන 6.30ට ආරම්භ කළ සෞඛ්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව හෙට දිනයේත් සිදුකරන බව එම සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස ප්‍රකාශකර සිටි ඇමැති මහින්ද අමරවීර හා තිලංග සුමතිපාල යන මහත්වරුන් ඊයේ (01 දා) එම ධූරයෙන් ඉවත්වී ඇත.
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් දහ දෙනෙකු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇත.
දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ධුරයෙන් ඉවත් කරන ලෙස හා ඔහු පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 7 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31දා) නියෝග කළේය.
අධිකරණය සෑහීමට පත් වන පරිදි සුදුසු හා ප්‍රමාණවත් කරුණු හා සාක්ෂි ඉදිරිපත් නොකොට මෙලෙස සිදුවිය හැකි යැයි කියන මනඃකල්පිත සිතුවිලි (හිතළු) ඉදිරිපත් කළ පමණින් ඒවා පිළිගෙන රටේ ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකරදී ඇති රැස්වීමේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් උල්ලංඝනය වන පරිදි නියෝග නිකුත් කළ නොහැකි බව
ව්‍යාජ ලේඛන සකස්කර රිටොක්සි මැප් නමැති පිළිකා රෝගීන් භාවිත කරන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත්, රජයේ රෝහල්වලට බෙදාහැර රුපියල් කෝටි 11ක පමණ වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
මීළඟ ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස තේරී පත්වන බව සියයට සීයක් විශ්වාස බව එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් විසින් පැහැරගත් ‘ලොරෙන්සෝ පුතා 4’ ශ්‍රී ලංකා ට්‍රෝලර් යාත්‍රාව නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, බහරේනයේ ත්‍රස්ත මර්දන කටයුතුවල නිරත ඒකාබද්ධ නාවික හමුදාවේ සහාය ඉල්ලා තිබේ.අරාබි මුහුදේ දී සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් විසින් මෙම යාත්‍රාව පැහැරගත් අතර,
න්‍යෂ්ඨික අවි හරණයට එරෙහි ලෝක ප්‍රඥප්තිවලට වසර 03ක් සපිරීම හා ශ්‍රී ලංකාව ඊට අත්සන් තැබීම හා ඒ වෙනුවෙන් ජාත්‍යන්තරය තුළ පෙනී සිටිමින් කළ කාර්යභාරය අගයමින් ඇමෙරිකාවේ සී.පී.එස්.ආර්. ආයතනය ශ්‍රී ලංකාවට සම්මාන සහතිකයක් පිරිනැමුවේය.