පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ පිහිටි සන්නිවේදන ඇතුළු සේවා රැසක් සපයන කොන්ත්‍රාත් සමාගමකට අයත් පෞද්ගලික ගබඩාවක (10) දා සිදුවූ ගින්නකින් එහි තිබූ කෝටි ගණනක් වටිනා දේපළවලට හානි සිදුව ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.
සමගි ජන බලවේග සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී, සරත් ෆොන්සේකා මහතා ආණ්ඩු පක්ෂය සමඟ එක්වීමට සූදානමක් ඇති බවට දේශපාලන කවයන්හි සාකච්ඡා වෙයි.
ශ්‍රී ලංකාවේ කීර්තිමත් වෛද්‍ය විශේෂඥයෙකු වන මහාචාර්ය අර්ජුන ද සිල්වා දියවැඩියා ඖෂධ සම්බන්ධයෙන් කරන ලදැයි කියන ව්‍යාජ ප්‍රකාශ ඇතුළත් විවිධ ලිපි සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇත.
නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය අවසන් කෙරෙන තුරු රජයේ මුදල් කාරක සභාව සහ ක්‍රම සහ විධි කාරක සභාව සඳහා විපක්ෂය වෙනුවෙන් නියෝජනය කළ මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නම් නොකිරීමට විපක්ෂය තීරණය කර ඇත.
සත් වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය රොජර් කුක් මහතා පර්ත් නුවරදී ඊයේ (9) හමු වූ අයුරු. ශ්‍රී ලංකාව සහ බටහිර ඔස්ට්‍රේලියාව අතර පුනර්ජනනීය බලශක්තිය,
පාර්ලිමේන්තුවේ කමිටුවක සභාපතීත්වය දරන මන්ත්‍රිවරයෙකුට එම සභාපතිධූරයෙන් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා දන්නවා සිටියද ඔහු ඉවත් නොවීම හේතුවෙන් පාර්ලිමේන්තු සැසිවාරය අවසන්කිරීම මගින් එම කමිටුවද ඇතුළු සියලුම කමිටු විසුරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලාංකිකයන් සඳහා ඒ. පී. ජේ. අබ්දුල් කලාම් පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ අයදුම්පත් කැඳවා ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ බදු ගෙවන්නන් හඳුනාගැනීමට නිකුත් කර තිබෙන TIN අංකයට අදාළ බැංකු කටයුතු සඳහා බව පවසමින් සිදුකරන ජාවාරමක් සම්බන්ධයෙන් හෙළිදරව් වී තිබෙයි.