දේශපාලන සහ සමාජීය පුවත්

සිකුරාදා, 03 නොවැම්බර් 2023 11:37

පර්සි ලක් මවගෙන් සමුගනී

වසර 70කට අධික කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය දිරිගන්වන්නා ලෙස අමිල සේවයක් කළ පර්සි අබේසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (02දා) සවස බොරැල්ල කනත්තේදී සිදුකෙරිණි.

බ්‍රහස්පතින්දා, 02 නොවැම්බර් 2023 06:31

ෂාෆ්ටර්ගේ මරණය අපරාධයක්

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (01) තීන්දු කළේය.

ඒ අනුව මෙම සිද්ධිය හරහා අපරාධයක් සිදු වී ඇතැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කරනු ලැබීය.

මරණ පරීක්ෂණයේ දී පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව ඉදිරිපත් කළ වාර්තා සලකා බැලීමෙන් අනතුරු ව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

DN

බ්‍රහස්පතින්දා, 02 නොවැම්බර් 2023 06:26

ජනපති ලේකම් කාර්යාලය ‘එක’ ලෙස පොතට

වසර දහයකට වරක් සිදුකරනු ලබන ජන හා නිවාස සංගණයේදී පළමු ගොඩනැඟිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ දිනවල මුහුණපා සිටින සමාජ – දේශපාලන උභතෝකෝටිකවල විශේෂයෙන් කැපී පෙනෙන සිදුවීම් දෙකක් ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත් කිරීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ඊයේ (31දා) පියවර ගනු ලැබීය.

මෙවර ‍අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා දිවයින පුරා හෙට උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය කර ඇත.

ඖෂධ හා රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක ශල්‍යකර්ම සීමාකර ඇති බවත් මේ නිසා ශල්‍යකර්ම සඳහා පැමිණෙන රෝගීන්ට ආපසු හැරී හිස් අතින්ම යෑමට සිදුව ඇති බවත් සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්. පී. මැදිවත්ත මහතා ‘දිවයින’ ට ඊයේ (29 වැනිදා) පැවැසීය.

ඉදිරි ජනාධිපතිවරණයකදී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිනවීම වෙනුවෙන් තමන් ක්‍රියාකාරී ලෙස වැඩ නොකරන බව සමගි ජන බලවේගය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සජබ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට කෙළින්ම පවසා ඇත.

ඉරිදා, 29 ඔක්තෝබර් 2023 10:16

ෆොන්සේකා SJB තනතුරින් නෙරපයි..

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම පක්ෂයේ සභාපති දුරින් ඉවත් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වේ.

බදු දැලෙන් රිංගා යන ව්‍යාපාරිකයන් මෙන්ම බදු අය කර ගැනීම් නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳව සොයාගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්‍යුත් ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website