දේශපාලන සහ සමාජීය පුවත්

මෙම වසරේ (2023) ගතවූ මාස 9 යි දින 8 ක් තුළ දිවයිනේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 1733 දෙනකු මරුමුවට පත්වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

රාජ්‍ය බැංකු ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පැහැදිලි නිශ්චිත ප්‍රකාශයක් රජය විසින් වහාම රටට ඉදිරිපත් කළ යුතු බව ලංකා බැංකු සේවක සංගමය පවසයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කිරීම සඳහා 2024 වසරේ සිට එම ආයතනවලට සපුරාගත යුතු ඉලක්ක ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

පරිසර ඇමති නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සාමාජිකත්වයෙන් නෙරපීම ‍නීති විරෝධී යැයි පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකරන ලද පෙත්සම ප්‍රතික්ෂේප වීමෙන් පසු ඔහුට මන්ත්‍රී ධුරය ද අහිමි වීමට ඉඩ ඇති බව වාර්තා වෙයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 තුළ බස්නාහිර දකුණ සහ සබරගමුව යන පළාත් සදහා මිලිමීටර් 100 ය ඉක්ම වු වර්ෂාපතනයක් ලැබේ යැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

සෙනසුරාදා, 07 ඔක්තෝබර් 2023 09:30

නාය යෑමේ අනතුරු තව දුරටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තුන් වැනි මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

පාසල් ගුරුවරුන්ගේ එකඟතාවයක් නොමැතිව පසුගිය රාජ්‍ය සමයේ කොවිඩ් අරමුදලට බැරකිරීම සඳහා ඔවුන්ගේ වැටුපෙන් අඩුකරනු ලැබූ සියලුම මුදල් ලබන නොවැම්බර් 30 වැනි දිනට පෙර යළි ලබාදීමට පියවර ගන්නා බවට නීතිපතිවරයා ඊයේ (05දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දුවක් ලබා දුන්නේය.

කලවැල් පත්‍ර නිස්සාරකය යෙදිය යුත්තේද ඉතාමත් අවම සාන්ද්‍රණයකිනි. නිස්සාරකයේ මිලිලීටර් 40 ක් ජලය ලීටර් 10 ක දියකර ලබාගන්නා ඉතා තනුක ද්‍රාවණයක් මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිවේ.

බදාදා, 04 ඔක්තෝබර් 2023 09:23

ඛණිජ තෙල් සභාපති අස්වෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ආසියා – ශාන්තිකර කලාපීය රටවල පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී හෙට (05වැනිදා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website