ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව සකස් කළ ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි සතිය ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි.
නව දුෂණ විරෝධී පනතේ විධි විධාන අද (15) සිට ක්‍රියාත්මකවේ.ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය 09 වැනිදා නිකුත් කර තිබුණි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ ජනාධිපති කොමිසමේ වාර්තාව රජයෙන් ඉල්ලූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අනුගමනය කළ ආකාරයටම වත්මන් ජනාධිපතිවරයාත් ක්‍රියා කරමින් එහි රහස් සැඟවී ඇති දෙවැනි හා තෙවැනි වෙළුම විපක්ෂ නායකවරයා ලෙස තමාට ගත නොහැකි ලෙස සඟවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව පවසමින් රුපියල් ලක්ෂ 50ක ඔට්ටුවක් අල්ලා ඇත්තේ එම පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් බව හෙලිවෙයි.
මීළඟ ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය දීමේ සූදානමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාව සඳහා ඉන්දියාව නව මහකොමසාරිස්වරයෙකු පත් කර ඇත.එසේ පත් කර ඇත්තේ බෙල්ජියමේ ඉන්දීය මහකොමසාරිස් ලෙස කටයුතු කරන ශ්‍රී සන්තෝෂ් ජා මහතාට.ඒ මහතා කඩිනමින් ශ්‍රී ලංකාවේ නව මහකොමසාරිස්වරයා ලෙස රාජකාරී කටයුතු ආරම්භ කරනු ඇති බව
ස්ථිර පදිංචිය ඇති වතු කම්කරුවන්ට කඩිනමින් ස්ථිර තැපැල් ලිපින ලබාදීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවත්, නුදුරේදීම එකී කටයුතු අවසන් කිරීමට අපේක්‍ෂා කරන බවත් තැපැල්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ඊයේ (13 දා) අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පැවසීය.
වහාම සේවයට වාර්තා කරන ලෙසත් එසේ නොකරන්නේ නම් සේවය හැර ගියා සේ සලකන බවත් දන්වමින් වර්ජනයේ නිරත දුම්රිය ලොකෝමෝටිව් ඉංජිනේරුවන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
මීට වසර හතරහමාරකට පෙර මෙරට කතෝලික දේවස්ථාන, සංචාරක හෝටල් ඇතුළු ස්ථාන හතක් ඉලක්කකොට සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය ඉකුත් සතියේ සිට නැවත මෙරට ජන සමාජය තුළ කතිකාවතකට පාත්‍රවිය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම කාලයේ ජනාධිපති යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරුන් සිව් දෙනකු පත් කර ඇත.