දේශපාලන සහ සමාජීය පුවත්

කලින් කලට පාලන තන්ත්‍රයේ සිදුවන දේශපාලන වෙනස්කම්වල බලපෑමකින් තොරව පළාත් සභා සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය අපක්ෂපාතී ලෙස ආණ්ඩුවට නිර්දේශ කරන බව තහවුරු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (ජ) ව්‍යවස්ථාව අනුව ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස මුදල් කොමිෂන් සභාව ස්ථාපිත කර ඇත.

සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුව මෙම 18 වැනිදා සිට ඔක්තෝබර් 8 වැනිදා දක්වා නිෂ්පාදන කටයුතුවලින් බැහැර වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කර තිබේ.

සිකුරාදා, 01 සැප්තැම්බර් 2023 12:56

UB Financeට සජිත් අත දමයි…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අසාධාරණයට පත් UB Finance තැන්පත්කරුවන් පිරිසක් අතර සාකච්ඡාවක් පසුගියදා (30) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණ.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය නිර්මාණය කළේ වත්මන් මහ බැංකු අධපති නන්දලාල් වීරසිංහ බව ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර චෝදනා කරයි.

මේ දිනවල බොහෝ අය අතර කතාබහට ලක්වී තිබෙන මෙනින්ගොකොකල් මෙනින්ජයිටීස්, නැතිනම් මෙනින්ගොකොකල් මෙනින්ජි පටල ප්‍රදාහය නමින් හඳුන්වන රෝගය එතරම් සුලබ නොවෙන නමුත් නිසි ප්‍රතිකාර නොලැබුනහොත් දරුණු සංකූලතා හටගැනීමේ අවදානම ඇති ආසාදන තත්වයක්.

සිකුරාදා, 01 සැප්තැම්බර් 2023 11:18

කැලණි වැලි දුම්රිය ධාවනය වෙනසක්

කැලණිවැලි මාර්ගයේ දුම්රිය කාලසටහන අද සිට සති දෙකක කාලයක් සදහා පරීක්ෂණ ධාවනයක් සදහා සංශෝධනය කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.ඒ අනුව සීතාවක ඔඩිසි 9255 ශීඝ්‍රගාමී දුම්රිය ඉරිදා පමණි.සීතාවක ඔඩිසි 9255A ශීඝ්‍රගාමී දුම්රිය සෙනසුරාදා පමණි.

කමිටු වැඩක් නෑ : දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න – වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී ජී. චමල් සංජීව

ලන්ඩන් නුවර පැවති ‘ලෝක ටයිකොන්ඩෝ ශූරතාවලිය -2023’ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ආර්.බී.එන්. රත්නායක අවුරුදු 40 ට වැඩි කේවල, ද්විත්ව සහ කණ්ඩායම් ඉසව්වලින් රන් පදක්කම් තුනක් දිනාගැනීමට සමත් විය.

බ්‍රහස්පතින්දා, 31 අගෝස්තු 2023 07:53

හෙට සිට දින තුනක් වැසි තත්ත්වයේ වර්ධනයක්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බ්‍රහස්පතින්දා, 31 අගෝස්තු 2023 07:46

මාස 7ක් තුළ ළමා අපයෝජන පැමිණිලි 5,000 පනී

මේ වසරේ ගත වූ කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 5,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website