දේශපාලන සහ සමාජීය පුවත්

තිරිගු පිටි ආනයනයට බලපත් නිකුත් නොකිරීම නිසා පෞද්ලික සමාගම් දෙකක් අධික ලාභයක් ලබන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගිය වසර නිම වන තෙක් අය කරගෙන නෑ විගණනයෙන් හෙළි වෙයි

අඟහරුවාදා, 18 ජූලි 2023 11:07

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

පාර්ලිමේන්තුව අද (18) පෙරවරු 09.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතනය පාදකකොටගෙන 1997 වසරේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ නිවාස ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් වූ නඩුවෙහි තීන්දුව ඊයේ රත්නපුර මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කරනු ලැබීය.

වැඩ කරන ජනතාවගේ වෘත්තීය අයිතිවාසිකම් කප්පාදු වන නව නීති හඳුන්වා දීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇතැයි ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

එන්නතක් ලබාදීමෙන් පසු රෝගාතුර වූ බව කියන මාස හතරක දැරියක් කුලියාපිටිය මූලික රෝහලේදී මියගොස් ඇති බවට කුලියාපිටිය පොලිසියට පැමිණිලි කර ඇත.

අනුරාධපුර විශ්ව විද්‍යාල විද්‍යායතනය උසස් තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සදහා බදවා ගත් සිසු සිසුවියන්ට ලබාදෙන අමානුෂික නවක වදය ඉවසාගත නොහැකිව සිසුන් අට දෙනකු මේ වන විට පාඨමාලාව හැරගොස් තිබේ.

ආගමන නීති උල්ලංගනය කරමින් මෙරටට රත්‍රන් ගෙන ඒමේදී රේගු නිලධාරීන්ට හසුව දඩ මුදල් නියම වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි මහතාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඊයේ රැස්වූ ව්‍යවස්ථා දායක සභාව අවධානය යොමු කර නැත.

සියලුම රජයේ සේවකයන්ට පඩි රහිත නිවාඩු ක්‍රමවේදයක් නිවේදනය කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් පෙරේදා (13 දා) චක්‍රලේඛයක් නිකුත්කර ඇත.

ක්‍රීඩා අමාත්‍යවරයාට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා වැඩබලන ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට හෝ ඔවුන්ගේ නිලධාරීන් ශ්‍රී ලංකා රග්බි සංගමයේ පරිපාලන කටයුතුවලට මැදිහත්වීම පෙත්සම් විභාගය අවසන් වනතුරු වළක්වමින් අභියාචනාධිකරණය ඊයේ (14 දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website