දේශපාලන සහ සමාජීය පුවත්

බ්‍රහස්පතින්දා, 23 පෙබරවාරි 2023 17:53

ජනපතිගේ වැඩපිළිවෙළ ගැන සතුටුයි - එස්.බී.

ජනපති රනිල් වික්‍රමසිංහ ගේ වැඩපිළිවෙළ ගැන සතුටක් තිබෙන බව පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස්.බී දිසානායක පාර්ලිමේන්තුවේ දී පැවසීය.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය 27 වැනි දා පළමු වසරේ සිසුන්ට විවෘත කරන බව එහි උපකුලපති මහාචාර්ය නෙලුවේ සුමනවංශ නා හිමියන් පවසති.

බරවා රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික බරවා මර්දන ව්‍යාපාරය පවසයි.

රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම අද කැඳවීමට නියමිතව තිබෙනවා.

රට ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන, වසර 25කින් “සංවර්ධිත රටක්” ගොඩනැඟීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුදෙනාට ආරාධනා කළේය.

2014 වර්ෂයේ පරිසර අධ්‍යනයකින් තොරව කොළඹ වරාය නගරය ඉදිකිරීමට ආරම්භ කිරීම තුළින් කොළඹ නගරයට මුහුදු ජලයෙන් ඇතිවීමට තිබූ බියකරු, ව්‍යසනකාරී තත්වයන් 2015 නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් මෙහෙය වූ නිසි පරිසර අධ්‍යනයකින් හා වස්තු විද්‍යාත්මක සැලසුමකින් මඟහරවා ගැනීමට හැකිවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ සියලු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් වරප්‍රසාද අහිමි කරන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

බ්‍රහස්පතින්දා, 23 පෙබරවාරි 2023 08:33

ශ‍්‍රී ලංකාව වසා දමන බව නිවේදනය කරයි…

මාර්තු මස පළමුවනදා සිට රට වසා දමන බව වරාය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

පිටිපන පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාල සිසුන් ආරම්භ කළ සත්‍යග්‍රහය විසුරුවා හැරීමට පොලීසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

ප්‍රමිතියෙන් තොර පෙට්ටල් මෙට‍්‍රික් ටොන් දහසක් පමණ තෙල් සංස්ථාව තුළ මේ වන විට ගොඩගැසී ඇතැයි තෙල් වරාය විදුලි වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website