හෙට සිට ක්‍රියාත්මක වන සංශෝධිත ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගාස්තු ප්‍රකාශයට පත්කර තිබේ.2023 ජූනි මස 23 වන දිනැති අංක 2337/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ නියෝජිතායතන අලුත් කිරීමේ ගාස්තු සංශෝධනය කළේය.
සේවක අර්ථ සාධක අරමුදලට අත තැබුව හොත් සමඟි ජන බලවේගය නිකම් නොසිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වසර අසූ හතක් සපිරීම නිමිති කරගන දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ජූලි මස 03 වන දින සිට සතියක් පුරා විශේෂ වැඩ සටහන් ගණනාවක් සංවිධානය කර තිබෙයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා වත්මන් මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හෙට (30 දා) සිට එයාර් මාර්ෂල් නිලයට උසස් කරමින් 19 වැනි ගුවන් හමුදාපති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර ඇත.
ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා ඊයේ (28) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක හදිසියේ ඇති වූ, කාර්මික දෝශයක් හේතුවෙන් යළි කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බස්වා ඇත.
2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වසර 2ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
S.L Vlog හිමිකරු බෘෘනෝ දිවාකරට අද (28) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.
*අභිමානවත්* *ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සියලුම ආදි විද්‍යාර්ථයින් සඳහා කෙරෙන ගෞරවණිය ආරාධනයයි.*
දකුණු කොරියාවේ රැකියාව අවසන් කර පැමිණි ශ්‍රී ලාංකිකයින් සඳහා නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම සහ නව ආයෝජන අවස්ථා හඳුන්වා දීම හා ශ්‍රී ලංකාවේ පිහිටා ඇති කොරියානු සමාගම් මගින් සලසා ඇති රැකියා අවස්ථා පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කෙරේ.
යුනෙස්කෝ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ‘මහාවංශය’ ලෝක මතක(MoW) ජාත්‍යන්තර ලේඛන උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.