දේශපාලන සහ සමාජීය පුවත්

සදුදා, 13 පෙබරවාරි 2023 13:24

වැලන්ටයින් දිනයට ගංජා චොකලට්…

පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කර ඇති කංසා මිශ්‍ර චොක්ලට් වර්ගය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී නොමැති බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි පැවසීය.

රාජපක්ෂවරුන්ගේ සතපහක්වත් විදේශ රාජ්‍යයන්හි සඟවා ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මාර්තු 15 වැනිදා වනවිට සිසුන්ට නිල ඇඳුම් ලබාදී අවසන් කරන බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්වූ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර 37,000ක් පමණ ප්‍රතික්ෂේපවී ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙරට තරුණ තරුණියන්ට නොමිලේ ජපන් භාෂාව සහ ජපන් සංස්කෘතික අධ්‍යාපනය ලබාදීමේ අරමුණෙන් මත්සුරි (Mathsuri) ජපන් භාෂා කේන්ද්‍රය අවිස්සාවේල්ල සීතාවක දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජපාන තානාපති මිෂූකෝෂී හිඩෙකී (Mizukoshi Hideaki) විසින් විවෘත කරනු ලැබීය.

දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉන්දියානු ණය ක්‍රමය යටතේ මෙරටට ගෙන්වනු ලබන ඖෂධවලින් සියයට අසූවක් ලියා පදිංචි කර නොමැති ඇති ඒවා බවට චෝදනා එල්ල වෙයි.

ඉරිදා, 12 පෙබරවාරි 2023 20:09

මැතිවරණ කටයුතු ඇණහිටී..

පලාත් පාලන මැතිවරණයට අදාලව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලින් සිදු කළ යුතු කටයුතු මේ වනවිට අතරමග ඇනහිට ඇති බව වාර්තා වෙයි.

ඔරුවක ගමන් කරමින් සිටියදී එය පෙරළී යාමෙන් පාසල් සිසුන් තිදෙනෙක් සහ ගුරුවරයෙක් මරණයට පත්වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

රජයේ වාහන භාවිතා කිරීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරය විසින් සියලු ආයතන ප්‍රධානීන්ට දැනුම්දීමක් සිදුකර තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website