දේශපාලන සහ සමාජීය පුවත්

උතුරේ නැවත පදිංචි කෙරෙන පවුල් 197ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය සහ රුපියල් 38,000 බැගින් වූ චෙක්පත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී (11) සිදු කෙරිණි.

සංහිඳියාවෙන් පමණක් ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවත් ආර්ථික සංවර්ධන වේගය රඳා පවතින්නේ ජනතාවගේ ආකල්ප සහ කැපවීමේ ප්‍රමාණය මත බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

පෙබරවාරි මාසය සඳහා ගල් අඟුරු වලට අවශ්‍ය මුදල ලෙස රුපියල් බිලියන විසි දෙකක් අවශ්‍ය බව ලංකා ගල් අඟුරු සමාගම සඳහන් කරයි.

සෙනසුරාදා, 11 පෙබරවාරි 2023 19:47

හර්ෂද සිල්වා ඉවතට..

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා යළි පත් කිරීමක් සිදුකර නැත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා තුනක් එන්ජින් කැඩී දැන් තිබෙන්නේ බිම බව වරාය නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මුහුණ දී තිබෙන ගැටලු ගැන සාකච්ඡා කිරීමට දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිෂන් සභාවට අනිද්දා දිනයේ කැඳවූ බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණයට මුදල් දීමට මහා භාණ්ඩාගාරයට හැකියාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායමට දැනුම් දී ඇත.

සෙනසුරාදා, 11 පෙබරවාරි 2023 13:22

රට පුරා විරෝධතා මාලාවක් අරඹනවා..

ශිෂ්‍ය ගැටලුවලට විසඳුම් ඉල්ලා දැවැන්ත විරෝධතා ව්‍යාපාර මාලාවක් රටපුරා ආරම්භ කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමේ උත්සාහයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සිදු කළ සිය රාජාසන කතාවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පළාත් සභා බලතල වැඩි කරන බවට කළ ඉඟිය, භයානක අනතුරක පෙරනිමිත්තක් බව ජාතික ගුරු ව්‍යාපාරය පෙන්වා දෙයි

මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුව මුදල් ලබා දීම සිදු නොකළහොත් ජනතාව සමඟ පාරට බහින බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website