මියන්මාර අත්තඩංගුවේ පසුවන ධීවර යාත්‍රාවල නායකයින්ට මියන්මාර අධිකරණයක් වසර 05ක සිරදඩුවමක් පනවා ඇතිබව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා පැවසීය.
ජාතික ජන බලවේගයේ නායක අනුර දිශානායක මහතා ජනාධිපති කිරීම මූලික කර ගනිමින් ජාතික භික්ෂු පෙරමුණ විසින් මාර්තු දෙවැනි දා මහනුවරදී සඟ සමුළුවක් කැඳවා ඇත.
වයස අවුරුදු 19ට අඩු මෙරට දරුවන් 1000කට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව පිළිකා රෝගයට ගොදුරු වන බවට සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ ශාස්ත්රාලයේ ලේකම් විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා පැවසීය.
අනුරාධපුර උතුර ජල සැපයුම් ව්‍යාපෘතියේ පළමු අදියර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනතා අයිතියට පත් විය.මෙම ව්‍යාපෘතිය ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක කෙරේ.එම අවස්ථාවට ජයිකා ප්‍රධානී ආචාර්ය ටනාකා අකීහිකෝ මහතා ද එක්විය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත යන මහත්වරු ඇතුළු සැකකරුවන් 07 දෙනා එළඹෙන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක මැතිවරණ ක්‍රම අධ්‍යයනයට පියවර ගත් බව මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර මහතා පැවසීය.
සෞඛ්‍ය සේවයට අදාළ සේවා කටයුතු රැසක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව රෝහල්වල,