දේශපාලන සහ සමාජීය පුවත්

ඉරිදා, 07 ජූලි 2024 14:58

ධූර කාලය දුර නොයවන පනතක්

6ක් පුළුවන්ද මෛත්‍රීත් මතය අහලා

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමට විභාගයට තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය යම් හෙයකින් තහනම් නියෝගයක් නිකුත් කළහොත් මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත්කිරීම අත්හිටවීමට සිදු වන බව මැතිවරණ කොමිසම පවසයි.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­කයා ලෙස තමා ඉදි­රි­පත් කිරී­මට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමා ඊට සූදා­නම් බව එම පක්ෂයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී, ව්‍යාපා­රික ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරණය නිසි පරිදි පැවැත්වේද නැතහොත් අධිකරණමය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් එය කල් යාවිද යන්න පැවසීම මේ මොහොතේ සිදු කළ නොහැකි බව ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කාර්යාල එක්දහස් දෙසීයක් ආරම්භ කරන බව එම පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා සඳහන් කරයි.

‘කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ධාරිතා පුළුල් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සහයෝගිතා තර කිරීම’ සඳහා චීනය ඉදිරිපත් කළ යෝජනාවට එක්සත් ජාතීන්ගේ අනුමැතිය හිමිවීම යනු එම කරුණ සම්බන්ධයෙන් ජගත් ප්‍රජාවගේ පුළුල් එකඟතාව පිළිබිඹු වීමක් බව චීනය කියාසිටී.

නව තාක්ෂණික යුග ගැන කතා කරන විපක්ෂයේ නායකයෝ කියන්න Debt sustainability analysis (DSA) ණය තිරසරකරණ විශ්ලේෂණය පිළිගන්නවද? නැද්ද? පිළිගන්නෙ නැත්නම් මොනවද වෙනස් කරන්නෙ කියලා රටට කියන්න.

නවදිල්ලි ශ්‍රී ලංකා වන්දනා නිකේතනාධිපති සහ රජගහනුවර වේළුවන ලංකාරාමාධිපති දඹදිව ආනන්ද බෝධි සමාගමේ උපසභාපති අති පූජ්‍ය පල්ලේගම විජිත හිමි පැවිදි දිවියට සිව් දශකයක් සපිරීම නිමිත්තෙන් පවත්වන විජිතාභි නන්දන කෘතගුණ පූජා පින්කම ජූලි හත්වෙනිදා (07)දවස පුරා දෙණියාය පල්ලේගම ඛෙත්තාරාම මහා විහාරයේ පැවැත් වේ.

යුගයක් සංකේතවත් කළ ආර්.සම්බන්දන් මැතිතුමාට ගරු කරමින් ජාතික ප්‍රශ්නයට තිරසාර විසදුමක් උදෙසා අධිෂ්ඨාන කරන ගන්නා ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වත්මන් ජනාධිප රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනය කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් වී ඇත.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website