දේශපාලන සහ සමාජීය පුවත්

69 ලක්ෂයේ බලපොරොත්තු බලගන්වන සර්වජන බලය මහා ජන රැළිය 18 වනදා නුගේගොඩ එළිමහන් වේදිකාවේදී පැවැත්වීමට නියමිතය.

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ශ්‍රී මහා බෝධිය පුදබිමේ සති පිරිත් දේශනයක්

එලිසබෙත් සුජාතා භික්‍ෂුණිය මිහින්තලේ පිණ්ඩපාත චාරිකාවේ

මෙරටට නිදහස ලැබීමටත් පෙර සිට (1877 සිට 1957) ඉකුත් වසර අසූවක කාලයේ දී කෞතුක භාණ්ඩ වර්ග 07කට අයත් භාණ්ඩ 7157ක් මෙරට කෞතුකාගාරවලින් අස්ථානගත වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා මේ මස ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ ඇමැති ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා පවසයි.

මියන්මාරයේ සයිබර් කදවුරු තුළ ලෝකයේ විවිධ රටවල තරුණ පුරවැසියන් ලක්ෂයකට අධික පිරිසක් බලහත්කාරයෙන් රදවා ගෙන සිටින බව තමන්ට මියන්මාර සංචාරයේ දී දැන ගැනීමට ලැබුණු බවත් ඒ අතුරින් 53,000 ක පිරිසක් චීන ජාතිකයන් වන බවත් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි.

ජාත්‍ය­න්තර මුහු­දේදී නෞකා­ව­කින් ලබා දුන් රුපි­යල් කෝටි 200කට අධික විෂ මත්ද්‍රව්‍ය තොග­යක් ගොඩ­බි­මට රැගෙන එමින් සිටි ධීව­ර­යන් හය දෙනකු නාවික හමු­දාව සිදු කළ වැට­ලී­ම­කදී අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශය කියයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ බුද්ධි අංශ නිල­ධා­රින් ලබා­දුන් තොර­තු­ර­කට අනුව මෙම වැට­ලීම සිදු කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය ඵලදායක ලෙස යොදාගැනීම ජාතික වගකීමක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, සභාපති කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website